කොරෝනා අවදානම් තත්ත්වයක් තිබිය දී පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම වැනි කටයුතු සඳහා ඇතැම් පාසල්වල උත්සව පැවැත්වීම වහාම නතරකරන ලෙසත්, විෂබීජහරණ කටයුතු සඳහා සෑම පාසලකටම ප්‍රමාණවත් මුදලක් ලබා දී එය වඩාත් කාර්යක්ෂම කරන ලෙසත් ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ගාල්ල ශාඛාව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔවුන් එහි දී අවධාරණය කර ඇත්තේ යක්කලමුල්ලේ පාසල් කිහිපයක් නිරෝධායන නීති නොතකා දරුවන් පාසලට ඇතුළත් කිරීමේ උත්සව සංවිධානය කරමින් පවතින බවයි. එමෙන්ම මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා ගුරුවරු කිහිප දෙනකු ආසාදනය වී ඇති බැවින් දරුවන්ගේ පාසල් පැමිණීම අවම මට්ටමක පවතින බව ද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
එහි ගාල්ල දිසා ලේකම් මධ්‍යම කාරක සභික කැළුම් ද සිල්වා සඳහන් කරන්නේ පාසල්වල සිසුන් පැමිණීම අවම බැවින් ඔවුන් ගෙන්වාගැනීමටනම් පාසල සුරක්ෂිත පරිසරයක් බව තහවුරු කළ යුතු බවයි. මේ සඳහා පාසල් විෂබීජහරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් කළ යුතු බව ද ඔහු පවසයි. එසේ වුව ද මේ දක්වා පාසල් විෂබීජහරණය සඳහා ලබා දී ඇති මුදල ප්‍රමාණවත් නොවන බැවින් ඇතැම් පාසල්වල එම කාර්යය නිසි පරිදි සිදු නොවන බව ද හෙතෙම පවසයි. පාසල් කිහිපයකින් ම කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වී ඇති බැවින් දෙමාපියන්ට පාසල් පරිසරය අනාරක්ෂිත යැයි ඇති හැඟීම හේතුවෙන් දරුවන් පාසල් පැමිණීම ඉතා අවම මටටමක පවතින බව ලංකා ගුරු සංගමය පවසයි. මෙයට විසඳුමක් ලෙස පාසල් පද්ධතිය තුළු අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට වැඩහසටහන් දියත් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති. එමෙන්ම ඇතැම් පාසල් සිසුන්ගේ දෙමාපියන්ට දෛනිකව මුඛ ආවරණ දරුවන් සඳහා ලබා දීමේ ආර්ථික ගැටලු ඇති බැවින් මුඛ ආවරණ පාසල් සිසුන් සඳහා නොමිළයේ ලබාදෙන ලෙස ද ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.