රත්මලාන ගාලු පාරේ පිහිටා ඇති මහා පරිමාණ ගේට්ටු හා දොරවල් නිෂ්පාදන ආයතනයක කර්යාල සේවයකන්ට සහ රත්මලාන කර්මාන්ත පුරයේ පිහිටි එම ආයතනේ කර්මානතශාලා සේවකයන්ට කොරෝනා ආසාදනය වී ඇති බව දැන දැනත් එය සෞඛ්‍ය අංශවලින් සඟවා සිටීමේ උත්සාහයක් පිළිබඳ මේ වනවිට වාර්තා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මෙම සමාගමේ කර්මාන්තශාලාවේ සහ කාර්යාලයේ සේවය කරන කිහිප දෙනකුට පුද්ගලික රෝහල්වලින් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව කෙරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ එසේ වුව ද සමාගම මගින් දැනුම් දී ඇත්තේ ඔවුන්ට තම රැකියා ස්ථානය කිසිසේත්ම හෙළි නොකරන ලෙසයි. රැකියාවක් නොමැතිව සිටින බව සෞඛ්‍ය අංශ වෙත පවසන ලෙසත් කාර්යාලය හා ආයතනික නම් හෙළි නොකරන ලෙසත් දැනුම් දී ඇත.
මෙලෙස ආසාදනය වූ අයගේ ආශ්‍රිතයන් වූ කාර්යාල සේවකයන් කිහිප දෙනකුට ද පුද්ගලික අංශයෙන් ම පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒවායේ ප්‍රතිඵල වාර්තා ලැබීමටත් පෙර ඔවුන් සේවයට කැඳවා තිබෙන බව ද සෞඛ්‍ය අංශ වෙත මේ වනවිට වාර්තා වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වසන්නේ නිරෝධායන නීති කඩකරන මෙම ආයතනය පිළිබඳ කඩිනමින් තීරණයක් ගන්නා බවයි. එවැනි ආයතන විශාල සංඛ්‍යාවකට මේ වනවිටත් නඩු පැවරීමට කටයුතු කර තිබේ.