5.2 C
New York
Home Blog Page 39

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට එයි

0

ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් ඉන්දීය අගමැතිවරයා පිළිගන්නා ලදී. එම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනකු ද එක්ව සිටියහ.

නරේන්ද්‍ර මෝදි ගුවන්තොටු පොළ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ අමාත්‍ය එස්. ජය ශංකර් ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් සහභාගී සිටිති.

-Advertisement-

බක් මහ අකුණු ගැන, අනතුරු අඟවයි

0

වැසි පවතින අවස්ථාවල දී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් දැඩි අකුණු සහිත කාලගුණික තත්වයක් ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මෙම අනතුරු ඇඟවීම අද (04) 11.00 දක්වා ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මේ නිසා අකුණු අනතුරුවලින් වැළකී සිටීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

-Advertisement-

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ නාමයෝජනා සම්බන්ධ පෙත්සම් සියල්ල විසිවෙයි

0

පළාත් පාලන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.

මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා විසින් මේ තීන්දුව ලබා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මෙම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් එය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කළේය. 

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එම කරුණු සම්බන්ධයෙන් දීරඝ කරුණු සළකා බැලීමකින් පසු විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තර්කය පිළිගන්නා බවයි.

ඒ අනුව එම පෙත්සම් විභාග කිරීමට නොතීසි නිකුත් නොකර ම නිෂ්ප්‍රභා කරන බව විනිසුරුවරු සඳහන් කළහ.

-Advertisement-

කෝටි 10ක නීති විරෝධී ජංගම දුකරථන රේගු දැළට හසුවෙයි

0

රුපියල් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුවේ, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 32හැවිරිදි අයෙකි.

ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 226 දරණ ගුවන් යානයෙන් උදෑසන 6.30ට පමණ මෙරටට පැමිණි සැකකරු ගමන් මලු තුනක් තුළ නවීන ජංගම දුකරථන 528ක් අසුරා තිබී ඇත.

රේගු නිලධාරීන් පවසන්නේ එම දුරකථන අතර එකක් රුපියල් ලක්ෂ 05 ඉක්මවන දුරකථන පවා තිබූ බවයි.

වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු මැදපෙරදිග රටවල් කිහිපයක කලින් සේවය කර ඇති අයකු බවයි. නමුත් ඔහු මේ වනවිට නීති විරෝධී ලෙස විද්‍යුත් උපකරණ රැගෙන යාමේ කටයුතුවල නිරත අයකු බව ද අනාවරණය වී ඇත.

ඔහු කටුනායක ගුවන්තොටුපොළේ රඳවා සිටින අතර තවදුරටත් පරීක්ෂණ කිරීමෙන් පසු නීතිමය පියවර සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

-Advertisement-

SLCL පළාත් ලීග් ශූරතාවය තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට

0

SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරඟයේ දී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමේ නායක කිංකිණි ගමගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 161ක් රැස්කර ගැනීමට සමත්විය.

පිළිතුරු ලෙස යූ.ඒ.ඊ. ලයන්ස් කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කර රැස්කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. ඒ අනුව තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම ලකුණු 36ක පහසු ජයක් ලබා ගත්තේය.

තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් හලාන් සම්මාන ලැබූ අතර, තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස චරිත් දිසානායක සම්මාන ලැබීය. අවසන් මහා තරගයේ වීරයා ලෙසට ද චරිත් දිසානායක සම්මාන ලැබූ අතර, අවසන් මහා තරගයේ හොඳම පිතිකරුවා ලෙස මොහොමඩ් හලාන් ද, අවසන් මහා තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස චරිත් දිසානායක ද සම්මාන ලැබීය

-Advertisement-

අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතු, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි

0

මෙරට අධිවේගී මාර්ගවල සෑම කිලෝ මීටර 50කට වතාවක් හෝ රියදුරන්ට විවේක ගැනීමට ස්ථාන සැකසිය යුතුයැයි විශේෂඥ ප්‍රජා වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දී ඇත.

ඔහු මේ බව අවධාරණය කරන්නේ අධිවේගී මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කරමිනි.

කටුනායක සිට මත්තල දක්වා කිලෝ මීටර 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ ඇත්ත් එකම සැපයුම් මධ්‍යස්ථානයක් වීම එහි ඇති ප්‍රධාන දුර්වලතාවක් බව එම කමිටුව වාර්තා කර ඇත. රියදුරන් අධික වෙහෙසට පත්වුවහොත් විවේක ගැනීම සඳහා ගැටලු මතුවන බව ද ‍විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවල ගැටලු පමණක් නොව පුද්ගල ගැටලු මෙන් ම රියදුරන්ගේ ගැටලු ද ඇතිවීම රිය අනතුරුවලට බලපා ඇතැයි හඳුනාගෙන තිබේ.

අධික වෙහෙස, නිදිමත, මාර්ගයේ වරින්වර පවති මීදුම් තත්වය සහ තවත් කරුණු රැසක් මෙම අනතුරු සඳහා බලපාන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

ඔහු පවසන්නේ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 50කට හෝ එක් නවාතැන්පොළක් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බවයි.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් යතුරුපැදි හෝ මාර්ග නඩත්තු වාහන නතර කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර ඒවායේ මගී ප්‍රවාහන බස් රථ හෝ පෞද්ගලික වාහන නැවැත්වීමේ හැකියාවක් නොමැත.

-Advertisement-

බූස්සේ රඳවා සිටි අයෙක් මරුට

0

බූස්ස අධි ආරක්ෂිත බන්ධානාගරයේ රිමාන්ඩ් කර සිටි අයකු ඝාතනයට ලක්ව ඇතැයි වාර්තා වේ. සිරදඬුවම් විඳින අයකු විසින් ඔහු ඝාතනය කර ඇත්ද යන සැකය මත විමර්ශන සිදුකරයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇණීමෙන් සිදු වූ තුවාල දක්නට ඇතැයි ද වාර්තා වෙ‍ේ.

මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

-Advertisement-

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාර ගන්න යැයි නියෝග

0

පළාත් පාලන මැතිවරන්‍ය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජාන අතරින් ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගන්න යැයි අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කර ඇත.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ඓහිව පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන විනිසරුවරුන් විසින් එම නියෝගය නිකුත් කර ඇත.

-Advertisement-

දකුණු කොරියාවේ ජනාධිපති, ධූරයෙන් නෙරපා හරියි

0

ජනාධිපති යුන් සුක් යෝල් ධූරයෙන් නෙරපා හැරිය යුතුයැයි එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි දින 60 ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර එතෙක් වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ එතෙක් ජනාධිපතිධූරයේ වැඩ බලනු ඇත.

ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා දකුණු කොරියාවට යුද නීතිය පැනවීමට නියෝග කළේය. ඒ සමඟ රටේ දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වී තිබිණි. පසුව පර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ජනාධිපති ධූරයේ කටයුතු කරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එම දෝෂාභියෝගයෙන් අනතුරුව ඔහුට එරෙහිව නඩුවක් එරට ව්‍යළුස්ථා අධිකරණයට ද ඉදිරිපත් කෙරිණි. එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ අට දෙනකුගෙන් යුතු විනිසුරු මඩුල්ල යුන් සුක් යෝල් ජනාධිපතිවරණයෙන් නෙරපිය යුතු බවට තීන්දු කර තිබේ.

විනිසුරුවන් 08 දෙනාගේ ම ඒකමතික මතය වී ඇත්තේ හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එමගින්රට දරුණු ජාතික ආපාදකට ලක්ව ඇතැයි ද ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය සාධාරණ නොවන බවත් එම තීන්දුවේ සඳහන් කර ඇත.

-Advertisement-

ආණ්ඩුවේ සහන මල්ලට, මැතිවරණ කොමිසම හරස් වෙයි

0

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාලයේ දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යැයි කියමින් සහන මිලට ආහාර මල්ලක් ලබාදීමට රජය ගත් තීරණය නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම සහන ආහාර මල්ල මැතිවරණයෙන් පසු ලබාදීමට කටයුතු කරන්න යැයි ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇත.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් 812,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා මෙම සහන මල්ල ලබාදීමට නියමිතව තිබිණි.

එම සහන මල්ල ඔවුන් සඳහා ලබාදෙන්නේ රුපියල් 2,500.00ක මුදලකට ටවුව ද එම සහන මල්ලේ රුපියල් 5,000.00ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගුවන බව ද රජය පවසයි.

‍මෙලෙස ලබාදීමට සැළසුම් කළ ආහාර පැකේජය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි. රජයේ සැළැස්ම වූයේ එම සහන පැකේජය අප්‍රෙල් මස 01දා සිට 13 වැනි දා දක්වා කාලයේ දී ලංකා සතොස සහ කෝප් අළෙවිසැල් හරහා බෙදා හැරීමටයි.

-Advertisement-