1 C
New York
Home Blog Page 38

නාමල්, CID වෙත යයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියි.

අත්අඩංගුවට ගෙන අධි චෝදනා භාරදීමෙන් පසු ඇප මත මුදාහැරුණු ඩේසි ෆො‍රස්ට් හෙවත් ඩේසි ආච්චි සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි නාමල් රාජපක්ෂ කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

-Advertisement-

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් හදිසියේම අද (06) අභාවප්‍රාප්ත වූයේ ය.

මියයන විිට 38 වැනි වියේ පසු වූ මන්ත්‍රීවරයා කරවනැල්ල මූලික රෝහලේ දී මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

-Advertisement-

මෝදි අනුරාධපුරයේ දී දුම්රිය සංඥා විවෘත කරයි

0

අනුරාධපුරයේ සංචාරයක නිරතවන අතරතුර අනුරාධපු දුම්රිය ස්ථානයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය සංඥා පද්ධතිය විවෘත කෙරිණි.

ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටියේය.

-Advertisement-

මෝදි සහ අනුර, අනුරාධපුරයේ දී එකම වාහනයට නගී

0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගනිමින් සිටිති.

අනුරාධපුරයට පැමිණි ඉන්දීය අගමැතිවරයා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු  මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර පැවැත්විණි.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්ව ඇති අතර එහිදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ද බැහැ දැක සාකච්ඡා කර තිබිණි. එම අවස්ථාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පැමිණ තිබිණි.

අනතුරුව ජනාධිපතිවරයාත් ඉන්දීය අගමැතිවරයාත් එකම රථයකින් අනුරාධපුර නගරයට පැමිණ තිබේ. එලෙස එකම රථයක දෙදෙනා ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඉන්දීය අගමැතිවරයා සිය X ගිනුමේ ද පළකර තිබිණි.

“මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී” යනුවෙන් එහි සටන් කර තිබේ.

-Advertisement-

අගමැති මෝදි, විපක්ෂ නායක සජිත් හමුවෙයි

0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (05) ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කර ඇත.

කොළඹ දී මෙම හමුව පැවත්විණි.

-Advertisement-

ඉන්දියාව සමඟ ගිවිසුම් රැසක්, අගමැති මෝදිට සම්මානත් දෙයි

0

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවබෝධතා ගිවිසුම් කිහිපක් අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්සන් කෙරිණි.

ආරක්ෂාව, බලශක්තිය, ඩිජිටල්කරණය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට අදාළව මෙම ගිවිසුම් අත්සන් කරන ලදීදේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවෙන් පසුවය. ඉන් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගන්නා ලදී.

මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිය.

ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකරන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙමින් සිදුකරන ලදී.

එමෙන් ම ආගමික ස්ථාන 5,000ක වහළ මත සවිකරන ලද සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමට ද නායකයන් දෙපළ ඔන්ලයින් ක්‍රමයෙන් ම එක්වූහ.

ඉන් පසු ඒ ආකාරයෙන් ම දඹුල්ලේ පිහිටි ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද විවෘත කෙරිණි.

විදෙස් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ කීවේය.

විදෙස් ප්‍රතිපත්තිය අපේ මාර්ග සිතියම වෙනවා. මීට ටික වේලාවකට ප්‍රථම අපි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. අපේ ද්වීපාර්ශ්ව සාකච්ඡාවල වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අපි, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තා.  මෙරට ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීම වර්ධනය හා ස්ථාවරත්වයට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදිට සහ ඉන්දීය රජයට ස්තූතිය පළ කළා. අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ තිරසර ආර්ථික තත්ත්වයට ඉන්දියාව දක්වන කැපවීම සහ සහයෝගයට මෝදි අගමැතිවරයාට මම ස්තූතිවන්ත වෙනවා. දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂිත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ආරක්ෂාවට හානිදායකවන කිසිදු කාර්යකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීම ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා”.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්වික සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. 

මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් සහ ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

-Advertisement-

අරාබි කාන්තාරයේ විල්, ගංඟා බහලුව තිබූ හැටි පර්යේෂකයෝ කියති

0

වර්තාමන අරාබියේ දක්නට ලැබෙන කාන්තාර ප්‍රදේශ අදින් වසර 9,000කට පමණ පෙර අධිකර වර්ෂාපතනයක් ලැබෙන ඒ නිසා විල් සහ ගංඟා පවා නිර්මාණය වී තිබූ ප්‍රදේශයක් බව පර්යේෂණයකින් තහවරු වී තිබේ.

මෙම ප්‍රදේශය අද වනවිට ලෝකයේ කාන්තාර සහිත වඩාත් වියළිම ප්‍රදේශවලින් එකකි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාලයේ ආචාර්ය අබ්දල්ලා සකි සහ මහාචාර්ය සෙබස්තියන් කැස්ටෙල්ටෝර්ට් සහ කිං අබ්දුල්ලා විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (KAUST) මහාචාර්ය අබ්දුල්කාදර් අෆිෆි විසින් මෙහෙයවන ලද කණ්ඩායමට ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් පෙට්‍රැග්ලියා ඇතුළත් වූ අතර, පුරාණ වැවක්, ගංගා සහ විශාල ජල නිම්න සොයා ගැනීමට හැකි වී ඇත.

“යුග මාලාවක් මත පදනම්ව, වසර 11,000 සිට 5,500 දක්වා විහිදී ගිය තෙත් හරිත අරාබි යුගයකදී වසර 9,000 කට පමණ පෙර මෙම විල් එහි උපරිම ධාරිතාවෙන් යුතු වූ බව හඳුනාගත හැකියි” ආචාර්ය අබ්දල්ලා සකී පැවසීය.

මෙම විල දැවැන්ත එකක් වූ බවට ගණන් බලා ඇති අතර, එහි ප්‍රමාණය මීටර් 1,100ක් සහ ගැඹුර මීටර් 42 ක් විය.

“වැඩිවන වර්ෂාපතනය හේතුවෙන්, අවසානයේ විල කැඩී ගොස්, මහා ගංවතුරක් ඇති කර, කාන්තාර තට්ටුවේ කිලෝමීටර් 150 ක් දිග නිම්නයක් සාදා තිබේනවා.” මහාචාර්ය සෙබස්තියන් කැස්ටෙල්ටෝර්ට් පවසා ඇත.

විද්‍යාඥයින් විශ්වාස කළේ මෝසම් වැසි ඇති වූයේ අප්‍රිකානු මෝසමෙන් බවයි. රතු මුහුද දිගේ අසීර් කඳුකරයේ සිට අප්‍රිකාවට ආසන්නව කිලෝමීටර් 1,100 ක් පමණ දුරින් පිහිටි අවසාදිත මගින් මෙය පෙන්නුම් කෙරේ.

ග්‍රිෆිත්ගේ ඕස්ට්‍රේලියානු මානව පරිණාම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය පෙට්‍රැග්ලියා පැවසුවේ, වර්ෂාපතනය දුර්වල නොවන නමුත් සමහර විට ශක්තිමත් සහ තීව්‍ර බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වේගවත් හා මහා පරිමාණ භූ දර්ශන වෙනස්කම් ඇති වන බවත් පර්යේෂණයෙන් පෙන්නුම් කළ බවයි.

“තෘණ බිම් සහ සැවානා තත්වයන් සමඟ එක්ව වැව් සහ ගංගා ආශ්‍රිත භූ දර්ශන ගොඩනැගීම, දැන් වියළි හා නිසරු කාන්තාරයක් ලෙස පවතින ප්‍රදේශය පුරා දඩයම් කිරීමේ සහ එක්රැස් කිරීමේ කණ්ඩායම් සහ එඬේර ජනගහනය ව්‍යාප්ත වීමට හේතු වන්නට ඇත,” මහාචාර්ය පෙට්‍රැග්ලියා පැවසයි.

“හිම් කාර්තුවේ සහ එහි පුරාණ වැව් සහ ගංගා ජාලයන් ඔස්සේ බහුල පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබීමෙන් මෙය සනාථ වේ.

“වසර 6,000 කට පෙර, හිස් කාර්තුවේ වර්ෂාපතනයේ ප්‍රබල අඩුවීමක් අත්විඳින ලද අතර, එමඟින් වියළි, ශුෂ්ක තත්වයන් නිර්මාණය වීමට ඉඩ තිබුණි , ජනගහනයට වඩාත් පහසු පරිසරයන්ට යාමට බල කෙරුණු අතර සංචාරක ජනගහනයේ ජීවන රටාව වෙනස් විය.”

-Advertisement-

අලුත් අවුරුද්දේ මත්පැන්, විදේශිකයන්ට පමණයි

0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු හේතුකොටගෙන ලබන අප්‍රේල් 13 සහ 14 දෙදින රටපුරා සියලු සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම දින දෙකෙහි දී සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයන් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතී.

-Advertisement-

පැපුවා නිව්ගිනියාවේ, භූමිකම්පාවක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්

0

පැපුවා නිව්ගිනියාවට අයත් නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතන සඳහන් කරයි. ඉන්පසු රිච්ටර් මාපකයේ 5.3ක පසු කම්පනයක් ඇතුළුව තවත් කම්පන කිහිපයක් ම සිදුව ඇතැයි ද වාර්තා වේ.

මෙම දූපත පිහිටා ඇත්තේ පැපුවා නිව්ගිනියාවට බටහිර දෙසිනි. එම දූපතේ සිට ගිනිකොණ දෙසට කිලෝ මීටර 194ක් පමණ ඈතින් මේ භූමිකම්පාව සිදුව ඇත.

මෙම භූමිකම්පාව සිදුවීමත් සමඟ පැපුවා නිව්ගිනියාව ඇතුළු ඒ ආසන්න රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබිණි. එම සුනාමි අනතුරු ඇඟවීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවදානමක් නැත.

-Advertisement-

මීගමුව රෝහලේ වෛද්‍යවරයකු තරුණියකට අතවර කරලා. “එයා අපේ කෙනෙක් නෙවෙයි” – GMOA කියයි

0

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන්න ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට වෛද්‍යවරයකු විසින් ලිංගික අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

තරුණිය ප්‍රතිකාර ගැනීමේ දී වෛද්‍යවරයා ලිංගික හිංසන සිදුකළ බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එම වෛද්‍යවරයා තම සංගමයේ සාමාජිකයකු නොවන බවයි.

අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරියක වෙනත් පුද්ගලයකු අතින් අතවරයට පත්වූවා යැයි  පවසමින් වැඩ වර්ජනයක් පවා ආරම්භකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම කරුණ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටිියේ ඔහු තම සාමාජිකත්වයෙන් කළකට ඉහත නෙරපා ඇති බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ එම සැකකාර වෛද්‍යවරයා මීිට පෙර ද විනය විරෝධීව කටයුතු කර ඇති බවයි.

-Advertisement-