2.5 C
New York
Home Blog Page 37

දරු ගැබක් නසන්න බෙහෙත් බිව්, සිව්දරු මව මරුට

0

දරුගැබක් විනාශ කිරීම සඳහා නීති විරෝධී ලෙස ඖෂධයක් ලබාගත් සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර විසින් මේ මරණය සම්බන්ධ පරීක්ෂණ පවත්වා ඇගේ මළ සිරුරේ සහ තෙමස් කලලයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව ඇගේ දරුගැබ නැතිකරගැනීම සඳහා අවිස්සාවේල්ලේ ෆාමසියකින් වෛද්‍ය උපදෙස් නොමැතිව කිසියම් ඖෂධයක් ලබාගෙන ඇති බවිය. එම ඖෂධ පානය කිරීමෙන් පසු ඇයට ආසාත්මිකතාවක් ඇති වී තිබෙන අතර ඉන් පසු පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගැනීමට ගොස් තිබේ. එම වෛද්‍ය මධ්‍යස්ථාන ඇයට ප්‍රතිකාර කිරීමට නොහැකි බව පවසා ඇය අවිස්සාවේල්ල රෝහලට යොමුකර ඇත.

අවිස්සාවේල්ල රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරුකර යවා සිටිය දී ගැබිනි කාන්තාව එහි දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගයේ දී අනාවරණය වී ඇත්තේ මියගිය 42 හැවිරිදි සිව් දරු මව ඒ වනවිට තෙමස් ගැබිනියක බවයි.

ඇය පසුගිය 05 වැනි දා තම සැමියා සමඟ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලික ඔසු සැළකට ගොස් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව දරු ගැබ විනාශ කිරීම සඳහා සුදුසු ප්‍රතිකාරයක් ඉල්ලා තිබේ. ඒ අනුව ඔසු සැළෙන් ඇයගේ සිරුරට ඇතුළු කිරීමටත්, පානය කිරීමටත් ඖෂධ ලබා දී ඇත.

මෙම ඖෂධ ලබාගත් පසු ඇය ආසාත්මකතාවට පත්ව ඇත.  අවිස්සාවේල්ල රෝහලේ සිට හෝමාගම රෝහලට පසුගිය 06 වැනි දා ඇතුළු කර ඇති ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියා ය.

මෙම කාන්තාව විසින් පානය කර තිබූ ඖෂධය ‍වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝගියකුට ලබාගත නොහැකි ඖෂධයකි.

මෙම ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

-Advertisement-

රාජ්‍ය සේවයට අලුතින් 30,000ක්

0

රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් 30,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව උපාධිධාරීන් සහ තරුණ තරුණියන් අතරින් සුදුසුකම් ලැබූ පිරිස් බඳවාගැනීමට නියමිතය.

පළමු අදියර යටතේ පුද්ගලයන් 18,853ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත.

මේ සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල පිළිබඳ සමාලෝචනයක් සිදුකර අවශ්‍යතා හඳුනාගැනීමට ද නියමිතය. ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ.

මේ සඳහා 2025 අයවැය මගින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

-Advertisement-

ඩිජිටල් හැඳුනුම්පත් ලක්ෂ 15කට කැබිනට් අනුමැතිය

0

ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පෙර මුද්‍රිත පොලි කාබනේට් කාඩ්පත් ලක්ෂ 150ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2017 වර්ෂයේ දී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිතය හඳුන්වාදෙනු ලැබීය.

 ඒ අනුව ඉදිරියේ දී මෙම නව ඩිජිටල් හැඳුනුම්පත වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකිකය් සඳහා ලබාදීමට නියමිතය.

මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පත් නිකුත් කිරීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව හැඳුනුම්පත් ලක්ෂ 170ක් පමණ අවශ්‍යවන බව රජය පවසයි.

මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

-Advertisement-

ගල් හා පස් කඩා වැටී, දැරණියගල පාරක් වැසේ

0

දැරණියගල – මාලිබොඩ තලාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි වාර්තා වේ.

මෙලෙස ගල් පර්වත සහ පස් කඩා වැටීමෙන් මාර්ගයේ මීටර 50ක පමණ ප්‍රදේශයකට හානි සිදුව ඇත. ආසන්නයේ නිවසකට ද හානි සිදුව ඇති අතර එම නිවසේ පදිංචි පුද්ගලයකු සුළු තුවාල ලබා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇත.

-Advertisement-

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

0

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 5.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ආමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

අද (08) අලුයම 2.48ට පමණ සිදු වූ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ද සඳහන් වේ.

-Advertisement-

ගෑස් ගබඩාවක් පිපිරී හතර දෙනකු මරුට

0

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හළක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ එහි කළමනාකරු ඇතුළු හතර දෙනෙකි.

ඊයේ (07) රාත්‍රි 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරියකට ගෑස් පුරවන අතරතුර ලීටර 6,000ක් අඩංගු එක් ගෑස් ගබඩාවක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇත. එම ස්ථානයේ තවත් එවැනිම ලීටර 6,000ක් අඩංගු ටැංකියක් තිබී ඇති අතර කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මහත් පරිශ්‍රමයක් දරා එය පුපුරායාම වළක්වාගෙන තිබිණි.

-Advertisement-

මෛත්‍රීගෙන් CID ප්‍රකාශයක් ගනී

0

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දී ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීම් කර ඇත.

-Advertisement-

IMF නියෝජිතයෝ යළි ජනපති හමුවෙති

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති විස්තීරණ ණය පහසුකම් පිළිබඳ හතරවැනි සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් එහි දී පවත්වා තිබේ.

ඇමෙරිකාව විසින් අලුතෙන් පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා වී ඇත.

-Advertisement-

ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන අපූරු තොරතුරු රැසක් එළියට

0

ශ්‍රී ලංකාවේ ජනගහනය 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව 21,763,170ක් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය අඩුවෙමින් පැවතිය ද 2012 වර්ෂයට සාපේක්ෂව මෙරට ජනගහනය 1,403,731කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව 2024 වසරේදී සිදුකළ සංගණනයේදී මෙරට ජනගහනය 21,763,170ක් බවට වාර්තා වී තිබේ.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට වැඩිම ජනගහනයක් වාර්තා ‍වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2,433,685කි. ජනගනය වැඩිම දිස්ත්‍රික්ක අතරින් දෙවැනි තැනට කොළඹ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එය සංඛ්‍යාත්මක ව 2,374,461කි. කුරුණෑගල 1,760,829, මහනුවර 1,461,269, කළුතර 1,305,552, රත්නපුර 1,145,138 සහ ගාල්ල 1,096,585 වැඩිම ජනගහනයක් සහිත අනෙකුත් දිස්ත්‍රික්ක වෙයි.

මෙරට ජනගහනය අඩුම දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයයි. එහි පුද්ගලයන් 122,542 ජීවත්වන අතර මන්නාරම දිස්ත්‍රික්කය 123,674ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කය 136,434ක් සහ වවුනියා දිස්ත්‍රික්කයේ 172,257ක් ලෙසද වාර්තා වී ඇත.

ඒ අනුව මිලියන 02කට වැඩි පිරිසක් බැගින් ජීවත්වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සමඟ මෙරට වැඩිම ජනගහනයක් ජීවත්වන පළාත වන්නේ බස්නාහිර පළාත වන අතර රටේ සමස්ත ජනගහනයෙන් 28.1%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. අඩුම ජනගහනය වාර්තා වන්නේ උතුරු පළාතෙනි. එය රටේ සමස්ත ජනගහනයෙන් 5.3%කි.

ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙවර වැඩිම ජනගහන වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් ලෙස හඳුනානෙ ඇත. අවම වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001කි.

ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය වන්නේ පෙර සංගණන වල දී මෙන් ම මෙවර ද කොළඹ දිස්ත්‍රික්කයයි. කොළඹ දිස්ත්‍රික්කයේ වර්ග කිලෝ මීටරයකට පුද්ගලයන් 3,549ක් ජීවත් වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වර්ග කිලෝ මීටරයකට පුද්ලයන් 50ක් පමණක් වාර්තා වන බැවින් අඩුම ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයයි.

-Advertisement-

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දයට වාරණයක්

0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් පනවා ඇත.

කොළඹ මහ නගර සභාවට අමතරව, හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩපළාත සහ කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන් සඳහා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහන් නියෝගය නිකුත්කර ඇත.

එම පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම මැයි 05 වැනි දා ට පෙර සිදුකළ යුතු අතර ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා මැයි 07 වැනි දා ට පෙර ගොනුකරන ලෙසත් නියෝග කර ඇත.

මෙම පෙත්සම් විභාගයට ගැනීම මැයි 16 වැනි දා සිදුකිරීමට නියමිතව ඇත. ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය එදින දක්වා බල පැවැත්වෙයි.

-Advertisement-