2.5 C
New York
Home Blog Page 36

පොලිසියේ දී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩගැනීමට නියෝග

0

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය තරුණයාගේ මළ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (09) නියෝග කළේය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරන ලද්දේ අගතියට පත් තරුණයාගේ පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

මෙම මළ සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් යුතු වෛද්‍ය කමිටුවක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වර්තාව ඉදිරිපත් කළ යුතු බව ද එම නියෝගයේ දැක්වේ.  

-Advertisement-

කතරගම හිටපු සභාපති අත්අඩංගුවට

0

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්බව කියන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අක්‍රමවත් ලෙස අවසර ලබාදීමේ සිද්ධියකට සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම ගොඩනැගිල්ල මැණික් ගඟ ආසන්නයේ පිහිටා ඇත.

-Advertisement-

මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්

0

මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙ‍නකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෛනෙකි.

රුපියල් කෝටි 5.5කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 200ක තොගයක් ඔවුන් ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය පවසයි.

දුන්ගල්පිටිය පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

-Advertisement-

නාමල් සහ මෝදි අතර හමුවක්

0

ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

එම සමුළුවේ දී ඊයේ (08) නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශනයක් ද පැවැත්වූයේ ය.

එහි දී ඔහු පවසා ඇත්ත් ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව දේශපාලන හේතූන් මත සංවර්ධන ව්‍යාපෘතීන් කල්යෑම බවයි. 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බව ඔහු ද ඔහු සඳහන් කර ඇත. 2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවයි.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු එහි දී අවධාරණය කර තිබිණි.

-Advertisement-

පස් කණ්ඩියකට යට වී පුද්ගලයකු මරුට

0
Landslide zone on Black Sea coast. Rock of sea rock shell. Zone of natural disasters during rainy season. Large masses of earth slip along slope of hill, destroy houses. Landslide - threat to life

පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුටුහපුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරුවෙකි.

ඊයේ (08) ගොඩනැගිල්ලක් පිටුපස පස් කණ්ඩියකට ආරක්ෂිත බැම්මක් ඉදිකරමින් සිටිය දී පස් කණ්ඩිය කඩා වැටී ඇත. තුවාල ලබා ඇත්තේ එම ගොඩනැගිල්ලේ හිමිකරු බව ද පොලිසිය සඳහන් කරයි.

-Advertisement-

මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියා අනතුරකින් මරුට

0
sri lanka police

පොලිස් මාර්ග බාධකයක වෑන් රථයක් ගැටීමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේ දී ය.

මියගොස් ඇත්තේ රස්නායකපුර පොලිසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකි.

බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි ව මාර්ග බාධකයේ ගැටී ඇත. එම අවස්ථාවේ එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ ආසන්නයේ සිටි පුද්ලයකු තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පොලිස් නිලධාරියකු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඔහු අධික ලෙස බීමත්ව සිටිි බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බවයි.

-Advertisement-

නිරුවත් දර්ශන යැවූ දෙදෙනකු අත්අඩංගුවට

0

නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ වට්ස්ඇප් හරහා යොමුකරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයේන පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංග්වට ගත් බව පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය පවසයි.

ඊයේ (08) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එම ඡායාරූප සහ වීඩියෝ ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් 222,000.00ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු පන්නිපිටියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

කහතුඩුව ප්‍රදේශයේ දී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 32 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි.

-Advertisement-

ඇමෙරිකාවෙන් චීනයට 104%ක බද්දක්

0

චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා චීනය ඇතුළු රටවල් ගණනාවක ආනයන බදු සංශෝධනය කිරීම හේතුවෙන්  චීනය භාණ්ඩ සඳහා 34%ක බද්දක් පනවා තිබිණි. ඉන් පසු චීනය ද ඇමෙරිකානු භාණ්ඩ ආනයනය සඳහා 34%ක් බදු පැනවීමට පියවර ගත්තේය.

ඊට විරෝධය පළකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා චීනය තම රටේ භාණ්ඩවලට පනවා ඇති බදු ඉවත් කිරීමට පියවර නොගන්නේ නම් ඇමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා 50%ක බද්දක් පනවන බව කියා සිටියේ ය.

ඉන් පසු ඇමෙරිකාව විසින් චීන ආනයනයන් සදහා 104%ක බදු පැනවීමට කටයුතු කර තිබේ.

-Advertisement-

දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්

0

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ ‍යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය.

විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත්කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතුයැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ල්කමාලි හේමචන්ද්‍ර යෝජනා කළාය.

එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

-Advertisement-

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කාර්යයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

-Advertisement-