spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා මළ සිරුරු දෙකක් ආදාහනය කරයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනයෙන් මියගිය බව ඊයේ (23) හඳුනාගත් ගාල්ලේ පදිංචිකරුවන් දෙදෙනකුගේ සිරුරු ආදාහනය කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ අලුත්වල හේනගොඩ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ බන්ධනාගාරගතව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිවයස අවුරුදු 60ක් වූ ගෝනාපීනුවල පදිංචි පිරිමි පුද්ගලයෙකි.

එම කාන්තාව පසුගිය හෘද සැත්කමක් සඳහා පසුගිය 15 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටිය ද සැත්කම සිදුකිරීමට නොහැකි වූ බැවින් යළිි නිවසට ගොස් 22 දා උදෑසන නැවත රෝහල්ගතව එදිනම සවස සැත්කමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේ දී හුස්ම ගැනීමේ දැඩි අපහසුතාව හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය ‍අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මියගේ නිර්දේශ සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මෙම මරණය කොරෝනා ආසාදිත සමග හෘදයේ කිරීටක ධමනිය අවහිරවීම හේතුවෙන් හෘදයාබාධයකින් සිදුවූ මරණයක් ලෙස තීරණය කළේය.

ඥාතීන් විසින් දේහය භාරගැනීමෙන් පසු ආදාහනයට අවශ්‍ය පෙට්ටියක් ද ඔවුන් ඥාතීන් විසින් ම සපයා තිබූ අතර කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් පනවා ඇති නීති අනුව එම දේහය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කෙරිණි.

ගාල්ල බන්ධනාගාරයේ දී හදිසියේ ම රෝගාතුර වී කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මියගිය රෝගියා දීර්ඝ කාලයක් පාකින්සන් රෝගයෙන් පීඩිවිඳි අයෙකි. ඔහු 2001 වර්ෂයේ දී කරන ලද මිනී මැරුමක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ 2009 සිට 2019 දක්වා වැලිකඩ හා මහර බන්ධනාගාරවල රඳවා සිට යළි නිවසට යවා තිබේ. ඉන් අනතුරුව 2020 දෙසැම්බර් 01 වැනි දා යළි ඔහු වසර දෙකකට බන්ධනාගාර ගත කර ඇත්තේ අදාල දඩ මුදල වූ රුපියල් 115,000.00ක් ගෙවීමට නොහැකි වීම හේතුවෙනි.

මෙසේ බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහු බූස්සේ නිරෝධායනයට යොමුකර නැවත බන්ධනාගාරයට ගෙනවිත් සිටිය දී රෝගාතුර වී ඇත. එසේ රෝගී තත්ත්ව වැඩිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔහු සුව කළ නොහැකි බව පවසා යළි බන්ධනාගාරයට යවා සිටිය දී මෙලෙස හදිසියේම රෝගී තත්ත්වය දරුණු වීම හේතුවෙන් යළි රෝහලට ගෙන එන අතරතුරු මියගොස් 22 දා මියගොස් ඇත. ඔහුගේ මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසන්නේ ඔහුගේ මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බවයි. පාකින්සන් රෝගයෙන් පෙළෙමින් සිටි ඔහු එකම ඉරියව්වකින් සිටීම හේතුවෙන් සිරුරේ තුවාල පවා හටගෙන තිබූ අයකු බව ද මරණ පරීක්ෂණයේදී හෙළිවූ බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

එම සිරුර සම්බන්ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.තරංග ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී. එමගින් නිගමනය වී ඇත්තේ මෙම පුද්ගලයා කොරෝනා නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හා දීර්ඝකාලීනව තිබූ සිරුරේ දුර්වලතා හේතුවෙන් මියගොස් ඇති බවයි. ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවීය.

ඥාතීන් විසින් එම සිරුරු භාර ගත්ත ද සිරුර සම්න්බන්ධ අවසන් කටයුතු සිදුකිරීමට ඔවුන්ට මුදල් නොමැතිවීම හේතුවෙන් දේහය රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කිරීමට කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!