‘මනමේ’ දෙමළ භාෂාවෙන් එයි

0
149

මෙරට නාට්‍ය කලාවේ සුවිශේෂීතම හැරවුම් ලක්ෂ්‍යයක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ”මනමේ” වේදිකා නාට්‍යය දමිළ නිෂ්පාදනයක් ලෙස වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර ඇත. 1956 වර්ෂයේ නිෂ්පාදනය වූ මනමේ වේදිකා නාට්‍යය පුරා වසර 64ක් ගම් දනව් පුරා මෙන් ම ජාත්‍යන්තර දර්ශනවාර රැසක් ද පවත්වා තිබේ.

මනමේ නාට්‍යයේ දමිළ පරිවර්තනය සිදුකර තිබෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කවිතා රාජරත්නම් මහත්මිය විසිනි. මෙහි දමිළ නිෂ්ාදනයේ සංගීත අධ්‍යක්ෂණය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතාගේ වන අතර ගායනා පුහුණු කිරීම් කටයුතු සෞණ්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඒ.අරූරන් මහතා විසින් සිදු කර ඇත. මනමේ නාට්‍යයේ දමිළ නිෂ්පාදනය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ ද දමිළ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වීම ද මෙහි ඇති විශේෂත්වයකි. මනමේ නාට්‍යයේ වර්තමාන නිෂ්පාදිකාව වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය විසින් ම දමිළ නාට්‍යය ද නිෂ්පාදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here