දරුවන්ගේ පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩුකර වසර 12ක් බවට පත්කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා පවසයි.
මහාචාර්යවරයාා වැඩිදුරටත් පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එහි ප්‍රතිඵල ලැබෙන තුරු මාස ගණනක් බලා සිටීමට සිදුවීමත් අනතුරුව උසස් පෙළ විභාගයට මුහුණ දී යළි බලා සිටීමට සිදුවීමත් යන කරුණු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
ලේකම්වරයා පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී පවත්වා මසක් ඇතුළත ප්‍රතිඵල ලබාදීමට සැළසුම් සකස්කරන බවත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි. ඉන් පසු උසස් පෙළ විභාගය 12 වසරේ දී පවත්වා මාසයකින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.
මෙලෙස විභාග සඳහා ගතවන කාලය අඩුකිරීමෙන් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි කඩිනමින් යොමුවීමට හැකියාව ලැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා පවසයි.