කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 08 දෙනකුගේ විස්තර ඊයේ (17) රාත්‍රී රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කර තිබේ. එම ලේඛනයට අනුව මියගිය අයගේ විස්තර පහත දක්වා ඇත.
- කොළොන්නාව පදිංචි 63 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී ජනවාරි 13 මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි
- බොරැල්ල පදිංචි 75 හැවිරිදි පිපරිමි පුද්ගලයකු කොළඹ පෞද්ගලික රෝහලක දී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර ජනවාරි 14 මියගෙස් ඇත. කොරෝනා නිව්මෝනියා තත්ත්වය සහ අධි රුධිර පීඩනය මරණයට හේතුව ලෙස දක්වා ඇත.
- උඩුපුස්සැල්ලාව පදිංචි 27 හැවිරිදි පිපරිමි අයකු උඩුපුස්සැල්ලාව රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇති අතර ජනවාරි 15 වැනි දින කොරෝනා ආසාදනය හා පෙනහළු ආසාදනය හේතුවෙන් මියගොස් ඇත
- කෑගල්ල පදිංචි 87 හැවිරිදි පිරිමි අයකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 16 වැනි දා මියගොස් ඇත්තේ කොරෝනා හේතුවෙන් ඇති වූ හෘද රෝගී තත්ත්වයකින් මිය ගොස් ඇත
- දෙහිවල පදිංචි 72 හැවිරිදි පිරිමි අයකු හෝමාගම මූලිික රෝහලේ දී 16 වැනි දා මියගොස් ඇත. කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ හෘද රෝගය මරණයට හේතුව ලෙස දක්වා ඇත.
- පොළොන්නරුව පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වැලිකන්ද මූලික රෝහලේ සිට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය වෙත යවා ඇති අතර 17 වැනි දින මියගොස් ඇත. උග්‍ර අක්මා ආසාදනය සහ ලේ විෂවීම සහ කොරෝනා ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා ඇත.
- කොළඹ 08 පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ දී 17 වැනි දින මියගොස් ඇත. ලේ විෂවීමේ කම්පන ත්තත්වය සමග බහු ඉන්ද්‍රීය අක්‍රියවීම සමඟ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක් පිරිමි පුද්ගලයෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර 17 වැනි දින මියගොස් ඇත. ශව්සන පද්ධියේ ආසාදනය හා කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ ඇති වූ හෘද රෝග තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා ඇත.
මෙම මරණ 08 සමඟ මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.