spot_img
spot_imgspot_img

ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද පුපුරයි

පුවත්

විදෙස්

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ කිලෝමීටර් 6.5ක් පමණ උසට දුම් රොටු ගමන් කරන බවයි.

මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර ඉවත් කිරීමේ නියෝග ද නිකුත් කර නොමැත.

කෙසේවුවද කඳුකර බෑවුම් වල වෙසෙන ගම්වැසියන්ට ගිනි කන්දේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා කලමණාකරන ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

ඉන්දුනීසියාව පැසිෆික් සාගරයේ භූ කම්පන වලල්ලක පිහිටා ඇති නිසා නිරන්තර ගිනි කඳු පිපිරීම් සහ භූමි කම්පා ඇතිවේ.

සෙමෙරු, ජාවාහි උසම ගිනි කන්ද වන අතර එය වඩාත් සක්‍රිය ගිනි කන්දක් වේ.

එමෙන්ම එය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය කඳ නැගීමේ ගමනාන්තයකි.

පසුගිය දෙසැම්බර් මාසයේ ද ගිනි කන්ද පුපුරා ගිය අතර 550ක් පමණ දෙනා ඉවත් කෙරිණ.

පසුගිය සතිය තුළ ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ සිදුවූ භූමි කම්පාවකින් 43දෙනකු පමණ මියගිය අතර ගුවන් යානා අනතුරකින් 62 දෙනකුට දිවි අහිමි විය.

https://www.bbc.com/news/world-asia-55689843

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!