spot_img
spot_imgspot_img

මළ සිරුරු ගැන සෞඛ්‍ය ඇමතිනිය කියන කතාව

පුවත්

විදෙස්

කොරෝනා මළ සිරුරු ආදාහනය කරනවා ද ? භූමදානය කිරීට අවසර දෙනවා ද? යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛදය චන්න පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවෙන් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

කොරෝනා මරණ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහාචාර්ය විශේෂඥ ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් 11 දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කරන ලදී. එම කමිටුවේ වාර්තාව මේ වනවි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවත් එම වාර්තාව ද විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාගේ සභාපතිත්වයනේ යුතු කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශ මත කොරෝනා මෘත දේහ සම්බන්ධ අවසන් තීරණය ගන්නා බව ද අමාත්‍යවරිය කියා සිටියාය.

කොරෝනා අසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ පවතින විද්‍යාත්මක තොරතුරු මත භූමදානයට අවසර ‍ලබාදිය හැකි බව පවසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය දා නිකුත් කළ නිවේදනයට ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය ආයතනය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබේ.

එම ආයතනය පවසන්නේ  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එහි ව්‍යවස්ථාපිත රෙගුලාසි උල්ලංඝනය කරමින් සදාචාර විරෝධී ලෙස අදාල විෂයයට පරිබාහිර වෛද්‍යවරු කණ්ඩායමක් පත්කරමින් ගනු ලැබූ තොරතුරු පදනම් කරගෙන එම වාර්තාව නිකුත් කර ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ද සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක් ලබාගැනීම සඳහා සභාපතිත්වයට පත්කරන ලද මහාචාර්ය ජෙනිෆර් පෙරේරා‍ගේ මෙහෙයවීමෙන් බවත් ඇය තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් වාර්තාව සාධාරණීකරණය කිරීම සඳහා ‍ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිතී විරෝධී හා සදාචාර විරෝධී ලෙස භාවිතා කර ඇති බවත් අධිකරණ වෛද්‍ය ආයතනයේ මතය වී ඇත. එයට විරෝධය පළකරමින් අධිකරණ වෛද්‍ය ආයතනයේ සාමාජිකත්වය දරණ සියලු වෛද්‍යවරු මින් ඉදිරියට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට තම විශේෂඥ දැනුම ලබාදීමෙන් වැළකී සිටින බව ද රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!