ගුරු හිඟය ඇති පාසල්වල ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් මෙය සමාජය බරපතල ලෙස හමුදාකරණය කිරීමේ තවත් එක් භයානක පියවරක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.
ගුරු හිඟය ඇති පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීමට ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කර ඇති යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇති බවට තොරතුරු පළවීම හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා ඇත්තේ ප්‍රථමයෙන් ම වව්නියාව ආශ්‍රිත දුෂ්කර පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. ඉන් පසු සෙසු දුෂ්කර පාසල් සඳහා ද එලෙස ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බව ද ලේකම්වරයා පවසා තිබේ.
ජෝසප් ස්ටාර්ලින් පවසන්නේ මෙය ඉතාමත් බරපත ඛේදවාචකයක් බවයි. මේ වනවිට අමාත්‍යාංශ අටකට ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන් පත්කර ඇති බවත් ඊට අමතරව ආයතන ගණනාවක ප්‍රධානීන් ලෙස හමුදා නිලධාරීන් පත්කරමින් රටේ සමස්ථ පරිපාලන ව්‍යුහය මිලටරීකරණය කරමින් තිබෙන බවත් හෙතෙම කියා සිටියේය. ඊට අමතරව එහි තවත් දිගුවක් ලෙස අනාගත පරපුරේ වත්මන් ඉගැන්වීම් ද හමුදා නිලධාරීන් ලවා සිදුකිරීම ඉතාමත් භායනාක තත්ත්වයක් බව ඔහු පවසිය.
“මෙය කිසිසේත්ම නොවිය යුතු දෙයක්. දැනට විද්‍යාපීඨ පාඨමාලා සම්පූර්ණ කළ 3772ක් පත්වීම් බලාපොරෝත්තුවෙන් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ළමයි 20ට ගුරුවරු 01ක අනුපාතයකට ගුරු වරු රාජකාරී නිරතව සිටිනවා. ඇතැම් පළාත්වල ගුරු හිඟය පවතින්නේ ගුරු මාරුවිම් ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා. විසඳුම් සොයන්න ඕනෑ ඒවාට. දරුවන්ට ඉගැන්විය යුත්තේ අධ්‍යාපන මනෝ විද්‍යාව දන්නා. ඉගැන්වීම සඳහා පුහුණුවක් ඇති ගුරුවරු පමණයි. ඒ සඳහා හමුදා නිලධාරීන් යොදා ගැනීම සම්පූර්ණ වැරදි දෙයක්. මේ වගේ යෝජනාවක් ඉදිරිපත් වුණාම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට එය ප්‍රතික්ෂේප කරන්න තිබුණා. කැබිතිගොල්ලෑවේ දැනටත් පාසල්වල උඝන්වන 78ක් ඉන්නව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේන වැටුප් ලබන. මේවා වැරදියි. ඒ ප්‍රදේශවල ඉන්නේ යුද්ධයෙන් බැටකාපු මිනිස්සු. ඒ දරුවන්ට යුද මානසික්තවක් නෙවෙයි දෙන්න ඕනෑ. නිසි අධ්‍යාපනයක් දිය යුතුයි. ඒ සඳහා රජය නිසි ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ.”
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාසල් දරුවන්ට ඉගැන්වීම සඳහා හමුදා නිලධාරීන් යෙදවීම සමස්ථ ගුරු ප්‍රජාව පමණක් නොව පොදු සමාජය විසින්ම එකසේ හෙළා දැකිය යුතු කරුණක් බවයි.