spot_img
spot_imgspot_img

ධම්මික පැණියට දුන් පර්යේෂණ අනුමැතිය ගැන ආචාරධර්ම කමිටුවෙන් විශේෂ නිවේදනයක්

පුවත්

විදෙස්

කොරෝනා සඳහා ප්‍රතිකාරයක් බවට පවසමින් කෑගල්ලේ ධම්මික නමැති අයකු විසින් නිෂ්පාදනය කරන ලද පැණිය පිළිබඳ විධිමත් විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා අවසර ලබාදුන් රජරට විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම කමිටුව අද (01) ඒ පිළිබඳ විස්තර සඳහන් කරමින් මාධ්‍ය නිවේදනක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මේ පර්යේෂණයට අවසර ඉල්ලා ඇත්තේ පළමු සහ දෙවන අදියරේ සායනික පරීක්ෂණයක් ලෙස වන අතර මෙම පර්යේෂණයේ ප්‍රතිපල මත පදනම්ව අදාල සංයෝගය ඖෂධයක් ලෙස භාවිතයට ගත නොහැකි බව ද ආචාර ධර්ම කමිටුවේ මාධ්‍ය වාර්තාවේ සඳහන් කර ඇත. දැනට අවසර ලබා දී ඇති පළමු හා දෙවැනි අදියරේ පර්යේෂණ සාර්ථක වුවහොත් එය ඖෂදයක් ලෙස භාවිතා කිරීමට පෙර  තුන්වන අදියරේ සායනික පරීක්ෂණක් ද කල යුතුය.

පර්යේෂණය පිලිබඳ අයදුම්කළ ඇත්තේ පහත පර්යේෂකයන් පිරිසයි.

1. මහාචාර්ය සිසිර සිරිබද්දන – රජරට විශ්ව විද්‍යාලය

2. වෛද්‍ය සේනක පිලපිටිය – රජරට විශ්ව විද්‍යාලය- කායික රෝග විශේෂඥ සහ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය

3. මහාචාර්ය නීලිකා මලවිගේ- ජයවර්ධන විශ්ව විද්‍යාලය

4. මහාචාර්ය සරෝජ් ජයසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය

5. මහාචාර්ය ජනක ද සිල්වා – කැලණිය විශ්වවිද්‍යාලය

6. මහාචාර්ය රාජිත වික්‍රමසිංහ – කැලණිය විශ්වවිද්‍යාලය

7. මහාචාර්ය SAM කුලරත්න – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

8. මහාචාර්ය සරත් ලේකම්වසම් – රුහුණ විශ්වවිද්‍යාලය

9. මහාචාර්ය කමනි වනිගසුරිය – ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

10. මහාචාර්ය අංජන සිල්වා – රජරට විශ්වවිද්‍යාලය

11. වෛද්‍ය සාරංග සුමතිපාල – අනුරාධපුර මහා රෝහල- ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ

12. වෛද්‍ය චින්තක රත්නසුරිය – අනුරාධපුර මහා රෝහල

13. වෛද්‍ය ස්වර්ණ කළුතොට – බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය

තවද මේ සංයෝගය භාවිතයෙන් රෝගය වලක්වා ගැනීම පිලිබඳ කිසිදු පර්යේෂණයක් මෙහිදී සිදු නොවේ. මාද්‍ය සහ පුද්ගලයින් ගෙනයන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න.

මේ පිලිබඳ සියලු තොරතුරු පහත දිගුවෙන් ලබා ගත හැක.

ආචාරධර්ම සමාලෝචන කමිටුවෙ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම පර්යේෂණයට අදාල ආචාරධර්ම සමාලෝචන ක්‍රියාවලියි පිළිබඳ විවිධ දුර්මත මුල් අයදුම්පත ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ මෙන් ම සංශෝධිත අයදුම්පත අනුමත කළ අවස්ථාවේදීත් විද්‍යුත්, මුද්‍රිත මෙන් ම සමාජ මාධ්‍යයන් ඔස්සේ වගකීම් විරහිතව හුදු උපකල්පන මත පමණක් ප්‍රබන්ධ කොට පුවත් පළ කළ බවයි. මහජනතාවට සත්‍යය හෙළිකිරීම තම කමිටුවේ වගකීමක් වන අතර මාධ්‍යයද එම වගකීමෙන් බැඳී සිටින බව ඔවුන්ගේ විශ්වාසය යැයි ද සඳහන් කර ඇත.

එමෙන් ම මේ සම්බන්ධයෙන් කවර පාර්ශවයකට හෝ ගැටළුවක් ඇත්නම් ආචාරධර්ම කමිටුව සම්බන්ධ කරගන නිවැරදි තොරතුරු ලබාගන්නා ලෙස ද ඉල්ලා සිටියි.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!