spot_img
spot_imgspot_img

මාරක රිය අනතුරු වැඩිම වසර අග දී. පොලිසියේ 9000ක් විශේෂ මෙහෙයුමක

පුවත්

විදෙස්

වසර 20ක රථ වාහන අනතුරු අධ්‍යයනය කිරීමේ දී වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ සෑම වර්ෂයක ම දෙසැම්බර් මස 20 සහ ජනවාරි 05 අතර කාලයේ දී බැවින් එම තත්ත්වය වැළැක්වීම සඳහා 9000කින් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ගත වූ පැය 24ක කාලයේ දී මාරක රියඅනතුරු හතරක් සිදුව ඇති බවත් ඉන් යතුරුපැදිකරුවන් 03 දෙනෙක් හා මොරටුව ප්‍රදේශයේ පාර මාරුවෙමින් සිටි කාන්තාවක් මියගොස් ඇති බවත් ඔහු කීවේය. මෙම අනතුරු 04 සිදුව ඇත්තේ මොරටුව, කටුනායක, කළුතර හා මීගොඩ ප්‍රදේශවල දී ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ 20 වැනි දා සිට ජනවාරි 05 වැනි දා දක්වා රථ වාහන අනතුරු අවම කිරීමට පොලිස් නිලධාරීන් 9,000ක විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි. 20 වැනි දා ආරම්භ කළ එම මෙහෙයුමේ දී අද (22) උදෑසන වනවිට බීමත් රියදුරන් 223 දෙනකු හා ඔවුන්ගේ වාහන පොලිස් අත්අඩංගුවට ගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!