spot_img
spot_imgspot_img

මුහුදු ගිය ආදරවන්තයෝ

පුවත්

විදෙස්

ගාල්ල කොටුව පෙම්වතුන්ගේ පාරාදීසයක් වෙලා තිබුණු තැනක්.

නමුත් කාලෙකට පස්සේ අශෝබන ලෙස හැසිරීම නිසා කියලා පෙම්වතුන්ට කොටුව තහනම් ප්‍රදේශයක් වුණා.

ධර්මපාල උද්‍යානයත් පෙම්වතුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්කළේ නගර සභාවෙන්

තවමත් ගාල්ල කොටුවට පෙම්වතුන් නොයනවා නෙවෙයි.

නමුත් එහෙම යන අයට සාස්තරකාරයන්, හඳුන්කූරු වෙළෙන්දන්, කපුරු බෝල වෙළෙන්දන්, කඩල විකුණනන්න්, යාචකයන් වගේම බලෙන් සල්ලි ඉල්ලන්නන්ගෙනුත් නිතරම කරදරය සිදුවෙනවා.

මේ ඊයේ ගාලු කොටුව පහළ මහ මුහුදේ දක්නට ලැබුණු දසුනක්.

මේ පෙම්වතුන් දෙදෙනා තෝරාගෙන තියෙන්නේ කොටුව අසළ මුහුදේ තියෙන ගලක්

ආදරේ නිදහස සොයාගෙන යන ඔවුන්ට

මොහොතින් මොහොතට ඔවුන්ගේ ලෝකයට බාධ කරන

අයගෙන් හුදකලා වෙන්න හිතෙන්න ඇති.

දැඩි අව් රශ්මියෙන් බේරෙන්න

කුඩයක් ඉහළාගෙන ගිනියම් වෙච්ච ගලක් මත වාඩිවෙලා ඉන්න මේ යුවතිය

තමන්ගේ ආදරවන්තයා ගැන කොයිතරම් නම් විශ්වාසයක් තියාගෙන ඇත්ද ?

දවසක ඔවුන් එක්ව කැදැල්ලක් හැදුවත් නැතත්

කවදම හරි දවසක

අතීතය මතක් කරනකොට

මේ සිදුවීම කොයිතරම් නම් ආශ්වාදනීය මතකයක් වේවි ද ?

ජීවත් වෙන්නේ මේ මතක වලින්

ඔබටත් එවැනි ආශ්වාදනීය මතකයන් ඇති.

නැතිමන් එවැනි මතකයන් බවට පත්වන අත්දැකීම් අනාගතයේ දී ලැබේවි.

ආදරවන්තයන්ට අපි ආදරය කරමු

(දර්ශන චන්දිමාල්ගෙනි)

ඡායාරූපය – විද්‍යුත් තැපෑලෙන් ලැබුණකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!