7.8 C
New York

ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය, අවසන් දිනයේ දී

Published:

2024 වර්ෂයේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධ තීන්දුව ලබන 31 වැනි දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් නිකුත් වී ඇතැයි පවසමින් එම ප්‍රශ්න පත්‍රය වෙනුවට නැවත නව ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලමින් සිසු සිසුවියන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් දින තුනක කාලයක් විභාගයට ගැණුනි. ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් විය.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (19) පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ තීන්දුව ලබන 31 වැනි දා ප්‍රකාශයට පත්කරන බව ද නිවේදනය කළේය.

Related articles

Recent articles

spot_img