spot_img
spot_imgspot_img

කලබල වෙන්න එපා, මනූෂ කියයි

පුවත්

විදෙස්

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඒ සඳහා මේ වන විට ඩොලර් මිලියන පහකට වැඩි මුදලක් වෙන් කර ඇති බවයි.

එම නිසා මේ අවස්ථාවේදී කලබල නොවන ලෙසත් විදෙස් ශ්‍රමිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටිනවා.

“දේශසීමා තරණය කරන්න ලෑස්ති ​​වෙන්න එපා. අපි අවශ්‍ය පියවර ගන්නා තුරු ආරක්ෂිතව වැඩ කරන්න, ඔවුන් මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා වෙනම කමිටුවක් ද පත් කර තිබෙනවා. ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම දුරකථන අංකයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.” අමාත්‍යවරයා පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා තෙක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවද ඔහු පැවසීය.

මැදපෙරදිග ගැටුමක් ඇති වුවහොත් රට තුළ තවත් අර්බුදයක් ඇති විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

“තෙල් ගෑස් ගේන්නේ පිටරට සේවකයන් එවන සල්ලිවලින්. අපි බලාපොරොත්තු වෙනවා යුද්ධයක් ඇති නොවේවි කියලා” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!