spot_img

පියුමි හංසමාලී, පඹගාලක

පුවත්

විදෙස්

කුෂ් සහ ක‍ොකේන් තොගයක් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි නමට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක් හමු වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

එම ව්‍යාපාරිකයා විසින් රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුතු කුෂ් කිලෝ ග්‍රෑම් 05ක් සහ කොකේන් ග්‍රෑම් 500ක් කුරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර තිබිණි. එම මත්ද්‍රව්‍ය තොගය ලබාගැනීම සඳහා එම ආයතනය වෙත වෙනත් අයකු ද යොමුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි. වාහන අමතර කොටස් ආනයනය කරන ආයතනයක හිමිකරු වන සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.

ඔහු නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකට ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු ගෙන්වූ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒ වනවිට පදිංචිව සිටි නිවස අතහැර නාවල ප්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් සිටි බවත් එම නිවසේ ගරාජයේ තිබී පියුමි හංසමාලි නමට ලියාපදිංචිය ඇති රථය හමු වූ බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles