spot_img
spot_imgspot_img

ඉම්රාන් ඛාන්ට තවත් සිර දඬුවමක්

පුවත්

විදෙස්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

පකිස්ථානයේ මහ මැතිවරණය පෙබරවාරි 8වනදා පැවැත්වීමට නියමිතව තිබියදී ඛාන්ට මෙම දඬුවම හිමි විය. ඔහුට මැතිවරණයට තරඟ කිරීම ද තහනම් කර ඇත. දැනටමත් තෙවසරක සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අගමැතිවරයා පවසන්නේ දේශපාලන අරමුණු හේතුවෙන් තමාට චෝදනා එල්ල කරන බවයි.

ඉම්රාන් ඛාන්ව රඳවා සිටින රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ අධිකරණයක් තුළදී මෙම නඩුව පසුගිය අගෝස්තු මාසයේ සිට විභාග කෙරුණි.

එය ආවරණය කිරීම ජාත්‍යන්තර මාධ්‍යවලට තහනම් විය.

මෙම නඩුව කඩිනමින් විභාග කරන ලෙස විනිසුරුවරයාට දන්වා ඇතැයි පසුගියදා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන ලදී.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය පවසා ඇත්තේ එම අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරන බවයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් ඔහුගේ විරුද්ධවාදීන් විසින් 2022 වසරේදී බලයෙන් නෙරපා හරින ලදී.

https://www.bbc.com/news/world-asia-68138591

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!