සංචරණ සිමා හා හුදකලා ප්‍රදේශ පිළිබඳ විශේෂ නිවේදනය

1
237

කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිටතට යාම වළක්වමින් පනවා තිබූ සංචරණ සීමා කිරීමේ නියෝගය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර දැනට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ ද සඳුදා (16) අළුයම 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබයි.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් වසම් අතරින් මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑළියගොඩ යන පොලිස් වසම් හැර අනෙක් පොලිස් වසම් හෙට (15) අළුයම 5.00 සිට හුදකලා බවින් ඉවත්කරනු ලැබේ. එමෙන් ම කැලණිය පොලිස් බල ප්‍රදේශය සඳුදා (16) අළුයම 5.00 සීට නැවත දන්වනතුරු හුදකලා ප්‍රදේශයක් කරයි.

මීට අමතරව කුරුණෑගල මහ නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය, හොරණ සහ  ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම, රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශය සහ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශය හෙට (15) අළුයම 5.00 සිට හුදකලා බවින් ඉවත්කරයි.

1 COMMENT

  1. හෙට දින හුදකලා කර ඇති සියළුම ප්‍රදේශ නම් වශයෙන් පල කරන්නේ නම් ඉතාම වැදගත් , බෙහෙවින් ස්තුතිය ! මට රාජකාරි කටයුතුවලට බෙහෙවින් වැදගත් වී ඇත. (රජුල ජයසේකර )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here