කොළඹ තවත් ප්‍රදේශ හුදකලා කරයි

0
150

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 05ක් සඳුදා (16) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හුදකලා කරනු ලබන්නේ කොටුව, පිටකොටුව, මරදාන, වේල්ල වීදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශයි. ඒ අනුව කොළඹ හුදකලා කරන ලද පොලිස් බල ප්‍රදේශ සංඛයාව 17ක් වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ හෙට (15) අළුයම 5.00 සිට හුදකලා බවින් මුදවන බව ද හමුදාපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here