spot_img
spot_img

මිනිස් ඇසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම ඇමෙරිකාවේ දී සිදුකරයි

පුවත්

විදෙස්

මිනිස් ඇසක් සම්පූර්ණයෙන් ම බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ලොව ප්‍රථම වතාවට සාර්ථක වී ඇතැයි ඇමෙරිකාවේ වෛද්‍යවරු කණ්ඩායමක් පවසයි.

ඇස් බද්ධ කිරීම සඳහා දිගු කාලයක් තිස්සේ වෛද්‍ය පර්යේෂකයන්‍ගේ ඉලක්කයක් වුව ද එය මෙතෙක් සාර්ථක වී නැත. ඇසක් පරිත්‍යාග ලෙස ලබාගත හැක්කේ මියගිය පුද්ගලයකුගෙන් පමණි. ජීවත්ව සිටින පුද්ගලයකුගේ ඇසක් වෙන්කිරීම වෛද්‍ය විද්‍යාව අනුව සිදුකළ නොහැකි දෙයකි.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු සතුන්ගේ ඇස් බද්ධ කර ඒ පිළිබඳ පර්යේෂණ සිදුකළ ද ජීවමාන පුද්ගයකුට ඇස් බද්ධ කිරීමක් සිදුකර තිබුණේ නැත.

නිව්යෝර්ක් හි NYU Langone Health ආයතනයේ දී මෙම සැත්කම සිදුකර ඇති අතර  අධි බලැති විදුලි රැහැනක් හේතුවෙන් සිදු වූ අනතුරිකින් මුහුණේ කොටසකට හානි සිදු වී එක් ඇසක් විනාශ වූ ආරොන් ජේම්ස් නමැති අයකුට මෙම ඇස බද්ධ කර තිබේ. ඔහුගේ දකුණු ඇස සාමාන්‍ය පරිදි තිබූ බවත් බද්ධ කිරීම කළේ වම් පැත්තේ ඇසට බවත් වෛද්‍යවරු කියති.

මෙම සැත්කම සිදුකර ඇත්තේ පසුගිය මැයි මාසයේ දී ය. වෛද්‍යවරු පවසන්නේ ඇය මේ වනවිට හොඳින් සුවය ලබමින් සිටින බවයි.

නමුත් තවමත් එම ඇසෙහි කිසිදු චලනයක් නොමැති බවත් ඔහුට ඇසිපිය හෙළීමට නොහැකි බවත් ජෝම්ස් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා ඇත. නමුත් තමන්ට යම් යම් සංවේදන ඇති බව ද හෙතෙම කියයි.

මෙම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක නැතත්,  ජේම්ස්ගේ ශල්‍යකර්මය විද්‍යාඥයින්ට මිනිස් ඇස සුව කිරීමට අක්ෂි බද්ධ කිරීම තවදුරටත් වැඩිදියුණු කළ හැකිය යන්න පිළිබඳ පූර්වාදර්ශයක් සපයන බව සැත්කම සිදුකළ වෛද්‍යවරු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!