spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට්, ජනපති රනිල්ගේ පිහිට පතයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම් නිසා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවයි.

ඒ නිසා අවශ්‍ය උඵදෙස් ලබාගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය  දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයා සමඟ හමුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කර ඇත.

එම ලිපියේ පිටපතක්, ෂම්මි සිල්වා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත ද යොමුකර තිබේ.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබේ. එහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතල වංචා සහ දූෂණ චෝදනා හේතුවෙන් ඔවුන් මෙවැනි ඉල්ලීමක් කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට වහාම ඉල්ලා අස්වන ලෙස මේ වනවිට ශ්‍රී ලංකා සමාජයෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබේ. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අමාත්‍යාංශයට සාවද්‍ය චෝදනා එල්ලකරන බව ඇමතිවරයා පවසයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles