අන්තර්ජාල රැකියා මගින් අධික ලාභ ඉපයීමට හැකියාව ඇති බව පවසමින් එවැනි රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 94ක මුදලක් වංචාකළා යැයි සැකපිට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හමුදා සෙබළකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් කර ඇත.
වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත්කර ඇත.
මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ කරන්දෙණියේ, දෙනගොඩ පදිංචි වයස අවුරුදු 27ක් වූ අයෙකි. ඔහු කරෙයිනගර් කඳවුරක සේවය කළ අයෙකි.
වංචා විමර්ශන කාර්යාංශය පවසන්නේ මෙම මුදල්වලින් ලක්ෂ 72ක් අදාළ සෙබලාගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් 03කට බැර වී තිබූ බවයි.
එම කාන්තාව විසින් වංචා විමර්ශන අංශයට පැමිණිලි කර ඇත්තේ පසුගිය 04 වැනි දා ය.



