4.3 C
New York

පොලිස්පති ධූරය හිස් වෙයි ?

Published:

දෙවැනිවරටත් සේවා දිගුවක් ලබා පොලිස්පති ධූරයේ වැඩ බලන සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව හෙට (09) වැනි දා අවසන් වනබව පොලිස් මූලස්ථානය පවසයි.

ඔහු 2020 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිධූරයට පත් වූ සී.ඩී.වික්‍රමරත්න පසුගිය මාර්තු 2 වැනි දින විශ්‍රාම යාමට නියමිතව තිබිණි. ඔහුට සේවා දිගුවක් ලබාදුන් අතර එය මාස තුනකි. ඉන්පසු ධූරයෙන් ඉවත්ව ගිය වික්‍රමරත්න නැවත වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

පොලිස්පතිවරයාගේ දෙවැනි සේවා දිගුවත් අවසන් වීම නිසා පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද  නැතහොත් සී. ඩී. වික්‍රමරත්න මහතාට  නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related articles

Recent articles

spot_img