spot_img

යුද හමුදාව භාගෙට බස්සයි ?

පුවත්

විදෙස්

යුද හමුදාවේ ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව අඩකින් අඩුකිරීමට රජය සැළසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සමාලෝචන කටයුතු සඳහා විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ.

එම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

යුද්ධය පැවැති කාලයේ යුද හමුදාවට බඳවාගන්නා සංඛ්‍යාව ඉහළ දැමූ අතර දැනට රටේ පවතින වාතාවරණය අනුව එවැනි හමුදාවක් නඩත්තු කිරීම අනවශ්‍ය යැයි රජයේ ප්‍රතිපත්තිම තීරණය වී තිබේ. මේ වනවිට යුද හමුදා අනුමත කාර්ය මණ්ඩලය ලක්ෂ 02 ඉක්මවා ඇත. 2030 වර්ෂය වනවිට එම සංඛ්‍යාව ලක්ෂයක් දක්වා අඩුකිරීමට නියමිතය.  

මීට සමගාමීව නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සාමාජිකයන් සංඛ්‍යාව ද සුදුසු පරිදි අඩුකිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles