1.6 C
New York

ෂාෆ්ටර්ගේ දේහය නැවත ඥාතීන්ට

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ තැන්පත් කර ඇති දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ඥාතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ෂාෆ්ටර්ගේ මරණය සැක සහිත යැයි ද, පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තා පරස්පර විරෝධී යැයි ද ෂාෆ්ටර්ගේ බිරිඳ විසින් අධිකරණයට දැනුම්දීම හේතුවෙන් එම සිරුර සම්බන්ධයෙන් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් 05 දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කළ අතර ඔවුන්ගේ නිර්දේශය මත සිරුර යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්විණි.

මෙම පරීක්ෂණ කටයතු අවසන්කර ඇති බැවින් එම සිරුර නැවත ඥාතීන් වෙත භාර දී මිහිදන් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Related articles

Recent articles

spot_img