spot_img
spot_img

හදාගන්න බබෙක් ගත්තත්, රාජ්‍ය සේවකයන්ට නිවාඩු අනුමතයි

පුවත්

විදෙස්

නීත්‍යානුකූලව දරුවකු හදා වඩා ගන්නා රජයේ සේවකයකුට ඒ සඳහා මාස 04ක නිවාඩුවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දරුවකු කුලවැද්දුම් ක්‍රමයට හදා වඩා ගැනීම විශේෂ අවශ්‍යතාවක් ලෙස සළකා උපරිම මාස 04ක අඛණ්ඩ නිවාඩුවක් ලබාදීමට ඒ අනුව තීරණය කර ඇත. මාස 10කට අඩු වයසකින් යුුතු දරුවකු කුලවැද්දුම්කර ලබාගන්නේ නම් මෙම නිවාඩුවට හිමිකම් ලැබේ.

ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් හිමිවන බව චක්‍රලේඛයේ සඳහන්ව ඇත.

මීට අමතරව එවැනි දරුවකු හදා වඩා ගැනීමේ දී දින 03ක පීතෘ නිවාඩුවක් ද පිරිමි නිලධාරීන්ට හිමිවන බව දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!