spot_img

කුසල්, ‍ දුනිත් දෙදෙනාම ආසියානු කුසලානයට කැඳවයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ති‍බේ.

දසුන් ශානක එම කණ්ඩායමේ නායකත්වය දරන අතර ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට කුසල් ජනිත් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ කැඳවා ඇත. ආබාධයට ලක්ව සිටි කුසල් එක්දින සංචිතයට එක්වන්නේ වසර 02කට පසුවය.

ආසියානු කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ද ඇතුළත් ය.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

නායක – දසුන් ශානක – 
02.
පැතුම් නිස්සංක
03.
දිමුත් කරුණාරත්න
04.
කුසල් ජනිත්
05.
කුසල් මෙන්ඩිස්
06.
චරිත් අසලංක
07.
සදීර සමරවික්‍රම
08.
ධනංජය ද සිල්වා
09.
වනිඳු හසරංග
10.
දුනිත් වෙල්ලාලගේ
11.
මහීෂ් තීක්ෂණ
12.
ලහිරු කුමාර
13.
දුෂ්මන්ත චමීර
14.
ඩිල්ෂාන් මධුසංඛ සහ
15.
මතීෂ පතිරණ

මීට අමතරව අතිරේක ක්‍රීඩකයින් ලෙස කසුන් රාජිත, දුෂාන් හේමන්ත, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ සහන් ආරච්චිගේ නම් කර තිබේ.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු මස 31 වනදා පල්ලේකැලේ දී පැවැත්විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles