ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩීඑන්.රංජිත් අශෝක පවසයි.
ජාතික ගීය විවිධ පුද්ගලයන්ට අභිමත පරිදි වෙනස් කළ නොහැකි බවත් එය ගායනා කරන නිශ්චිත පදමාලාවක් සහ තනුවක් ඇති බවත් ඔහු පවසයි.
අයිපීඑල් තරඟාවලිය ආරම්භයේ දී සිදුකර ඇත්තේ අනුමත කළ නොහැකි දෙයක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.