1.3 C
New York

එක්ස්ප්‍රස් පර්ල් අතුරු ගෙවීමකට එකඟවෙයි

Published:

කොළඹ වරාය පිවිසුම අසළ දී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් අතුරු ගෙවීමක් කිරීමට එම නෞකා සමාගමේ නීතිඥවරු එකඟතාව පළකර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දා සිංගප්පූරුවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ එම තීරණය ඊයේ (29) දැනුම් දුන් බවත්ය.

සමුද්‍ර පරිසරය ආරක්ෂා කරගැනීම සහ පීඩාවට පත් වූ ධීවරයන් වෙනුවෙන් මෙම ගෙවීම සිදුකිරීමට නියමිතය

ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත සමාගමේ නීතිඥවරු වෙත යොමුකරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ද සකස් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img