spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 21,847ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,603ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,093ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 301
  • ලංකා අයිඕසී රුපියල් මිලියන 242
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 164

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම කොටස් මිලියන 05
  • රිල් ප්‍රොපර්ටි සමාගම කොටස් මිලියන 05
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම  33%
  • යෝර්ක් ආකේඩ් සමාගම 15%
  • උඩුපුස්සැල්ලාව වැවිළි සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම කොටස් මිලියන 1.1ක් රුපියල් 76.50 බැගින්
  • කාර්ගීල්ස් ලංකා සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 300.00බැගින්
  • දං‍කොටුව පෝසිලේන් සමාගම කොටස් 2,000,000ක් රුපියල් 26.50 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 200,000ක් රුපියල් 157.25 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 282
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 232
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 564ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 437ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 127ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 121
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 45
  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 16

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාග රුපියල් මිලියන 57
  • කීල්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 11
  • ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles