ලෝකය පිළිගෙන ඇත්තේ දැනට සාගර පහක් සහ මහද්වීප හතක් ඇති බවයි. නමුත් ඉදිරි කාලයේ දී අප්‍රිකානු මහද්වීපය දෙකට කැඩී තවත් සාගරයක් සහ මහද්වීපයක් නිර්මාණය වන බව භූ විද්‍යාඥයෝ කියති.
විද්‍යාඥයන් තහවරු කරන්නේ අප්‍රිකාවේ නැගෙනහිර කොටසේ භූ තැටි එකිනෙකට ඈත්වීම නිසා මේ සංසිද්ධිය ඇතිවන බවිය.
මෙහි ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිත වුවත් අප්‍රිකාව දෙකට කැඩෙන බව නම් ඔවුන තහවරු කරයි. එවිට නව සාගරයක් ලෝකයට හඳුන්වාදීමට සිදුවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනට සාගරයක් නොමැති ඇතැම් රටවලට ඔවුන්ට ම හිමි වෙරළ තීරයක් නිර්මාණය වනු ඇත.
අප්‍රිකා මහාද්වීපය යුරෝපයට පහළින් සහ ආසියාවට සහ ඕස්ට්රේලියාවට බටහිර දෙසින් පිහිටා ඇත. අත්ලාන්තික් සාගරය අප්‍රිකාවට බටහිරින් මායිම් වන අතර එය උතුරු සහ දකුණු ඇමරිකානු මහාද්වීප දෙකෙන්ම අප්‍රිකාව වෙන් කරයි. දකුණු අප්‍රිකාව වැනි රටවල් අත්ලාන්තික සාගයේ දකුණු කොටසට මායිම් වේ. මීට අමතරව, ඉන්දියන් සාගරය නැගෙනහිර සහ ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර මැඩගස්කරය දූපතක් ලෙස ඉන්දියන් සාගරයේ අප්‍රිකාව ආසන්නයේ පවතී
මහාද්වීපයේ උතුරු කොටස මායිම් වන්නේ මධ්‍යධරණී මුහුදෙන් වන අතර එය අප්‍රිකාව ඉතාලිය, ග්‍රීසිය සහ අනෙකුත් යුරෝපීය රටවලින් වෙන් කරයි. තවද, ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර දේශසීමාවේ ඇත. අවසාන වශයෙන්, රතු මුහුද සහ ඒඩන් බොක්ක අප්‍රිකාව මැද පෙරදිගින් වෙන් කරයි.
පෘථිවි අභ්‍යන්තරයේ විශාල පාෂාණ පුවරු පවතින බවත් පෘථිවි කබොල්ල සෑදී ඇත්තේ මහා සාගරය සහ රවටල් දරා සිටින දැවැන්ත මහද්වීපික තහඩු කිහිපයකින් බවත් භූ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. කඳු, නිම්න, සානු, කාන්තාර ඇතුළු අති විශාල භූ විද්‍යාත්මක ලක්ෂණ මෙම මහද්වීපික තටකවල ප්‍රතිඵලයකි. මේ තහඩු සැතපුම් සිය දහස් ගණනක් පළල් වන අතර ඒවායේ ඝනකම ද සැතපුම් 09 සිට 125ක් දක්වා වන බව පිළිගැනීමයි.
මහාද්වීපික තහඩු ලෙස හඳුන්වන ගොඩබිම්වලට පහළින් ඇති තහඩු සාමාන්‍යයෙන් සැහැල්ලු නමුත් ඝනකමින් වැඩිය. සාගර පත්ලේ දක්නට ඇති තහඩු මහාද්වීපික තහඩුවලට වඩා බරින් වැඩි වුව ද තුනීය.
මීට අමතරව, ගිනිකඳු සහ භූමිකම්පා ක්‍රියාකාරකම් මත පදනම්ව තහඩු මායිම් පිහිටා ඇත්තේ කොතැනද යන්න විද්‍යාඥයන් විසින් තීරණය කරයි. පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති තහඩු චලනය බොහෝ විට මෙම සංසිද්ධි දෙකට හේතු වේ. එමනිසා, භූමිකම්පා සහ ගිනි කඳු ක්‍රියාකාරීත්ව සිදුවන්නේ කොතනද යන්න සොයාබැලීම පර්යේෂකයන්ට තහඩු පිහිටා ඇති ස්ථානය තීරණය කිරීමට සහය වෙයි. මෙම තහඩු මායිම් සොයා ගැනීම අනාගත තහඩු චලනයන් සහ භූ විද්‍යාත්මක විෂමතා පුරෝකථනය කිරීමට පර්යේෂකයන්ට උපකාර කරයි. එවැනි අනාවැකිවලට අප්‍රිකාවේ නව සාගරයක් ඇතිවීමේ හැකියාව ඇතුළත් වේ.
අප්‍රිකාවේ නව සාගරයක් බිහිවෙනවා ද ?
අප්‍රිකාවේ සාගරයක් හැදෙනවා ද යන්න තේරුම් ගැනීමට අප්‍රිකාවේ නැගෙනහිර කොටසේ භූ විෂමතා පද්ධති අධ්‍යයන කිීමේ දී හැකියාව ලැබෙයි. 2005 වර්ෂයේ දී ඉතියෝපියාවේ දී සොයාගන්නා ලද ආකාරයට අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයෙන් පිහිටා ඇති මෙම කලාපය පෙන්වා දෙන්නේ භූ තැටි දෙකක් බෙදෙමින් පවතින බවයි. එම තහඩු එකිනෙක ඉවතට තල්ලු වෙමින් යන බවයි.
එහි ප්‍රතිඵලය වන්නේ වර්තමානයේ ඉතියෝපියාව, ටැන්සානියාව සහ කෙන්යාව වැනි රටවල් අප්‍රිකාවේ අනෙක් ප්‍රදේශවලින් ඉවත්ව යාමයි.
එවිට ඒඩ්න් බොක්ක සහ රතු මුහුද අප්‍රිකාව සහ නව භූමි කොටස අතර සාගර ජලය පුරවා දමා නව සාගරයක් නිර්මාණය කරනු ඇත. මෙම නව බෙදී යාමෙන් ඇතැම් විට නව මහද්වීපයක් හෝ නව දූපතක් නිර්මාණය වනු ඇත.
මෙම බෙදීම සිදුවන්නේ වසරකට අඟල් 0.2 – 01ත් අතර වේගකින් බැවින් මෙලෙස අප්‍රිකාව බෙදී නව සාගරයක් නිර්මාණය වීමට තවත් වසර ලක්ෂ 50-100ත් අතර කාලයක් ගතවන බව විද්‍යාඥයන්ගේ තක්සේරුවයි. එතරම් කාලයක් මිහිතලය මත මිනිස් සත්වයා ජීවත්වනු ඇත්ද යන්නත් සැක සහිතය. මේ භූ විද්‍යාත්මක සංසිද්ධිය පුරෝකථනය කරන විද්‍යාඥයඥයන්ට නම් එවැන්නක් දැකගැනීම සිහිනයක් ම පමණි.
අදටත් එම ලක්ෂණ දක්නට ලැබේ
සෝමාලියානු සහ අරාබි තහඩුවල චලනය නිසා එම පුරෝකථනය සත්‍යයක් වනු ඇතැයි පෙන්වාදෙන භූ විද්‍යාත්මක ලක්ෂණ කිහිපයක් දැනටමත් දක්නට ලැබේ. නිදසුනක් ලෙස අරාබි තහඩුව, අප්‍රිකාවෙන් ඉවතට ගමන් කිරීමෙන් රතු මුහුද නිර්මාණය වී තිබේ. එමගින් සිදුව ඇත්තේ අප්‍රිකාවෙන් මැදපෙරදිග වෙන්කිරීමයි.
මීට අමතරව අප්‍රිකාවේ නැගෙනහිර කොටසේ මහා රිෆ්ට් නිම්නය නිර්මාණ්‍ය වී තිබේ. එහි ජලයෙන් පිරුණු රිබන් විල් වැනි භූ විද්‍යාත්මක ලක්ෂණ ඇතුළත් වෙයි. ඒවා දිගටිව පෙනෙන විල් ය. මහා රිෆ්ට් නිම්නයට සැතපුම් 4,000 ත් 4,300 ත් අතර දිගකින් යුත් විවිධ අගල් දැනටමත් නිර්මාණය වී ඇත. විද්‍යාඥයන් පවසන්නේ මෙම භූ තැටි අඛණ්ඩව ඈත්වීම නිසා, මහා රිෆ්ට් නිම්නයේ අගල් සහ රිබන් විල් පුළුල් වන බවයි.
එම ලක්ෂණ සැළකීමේ දී අප්‍රිකානු මහද්වීපය කැඩී වෙන්වී යන බව තේරුම් ගැනීම අපහසු කාරණයක් නොවේ. තහඩු චලනය වීමෙන් පුළුල් මහා රිෆ්ට් නිම්නය, රතුමුහුද සහ රිබන් විල නිර්මාණය වී ඇත්නම් ඉදිරි වසර මිලියන කිහිපය තුළ නව සාගරයක් සෑදීම අරුමයක් නොවේ. පර්යේෂකයන් පවසන්නේ වර්තමාන උගන්ඩාවට වෙරළ තීරයක් ලැබෙනු ඇති බවයි.
භූතැටි චලනයේ පීඩාව කාට ද ?
දැනට සෝමාලියාව, ඉතියෝපියාව, කෙන්යාව සහ ටැන්සානියාව වැනි රටවල සිටින සියලු වර්ගවල ජීවීන්ට තමන් තවදුරටත් අප්‍රිකාවේ ජීවත්වනවා ද නැතිනම් අලුතෙන් නිර්මාණයවන දැවැන්ත දූපතේ ජීවත්වනවා ද යන්න තීරණය කිරීමට සිදුවනු ඇත.
එම ජීවී කොටස් අවතැන් වී පවුල් වෙන් කෙරෙනු ඇත. ඉන් පසු ඔවුන් වෙන වෙන ම ස්වාධීනව පරිනාමය ආරම්භ කරනු ඇත. අප්‍රිකානු මහාද්වීපයෙන් තුනෙන් එකක් ප්‍රායෝගිකව නව සාගරයක අනෙක් පැත්තේ පිහිටා තිබේ එය තවත් වසර මිලියන ගණනක් යනවිට පරිනාමිකව ද ස්වාධීන වනු ඇත.
එමෙන් ම නව සාගරයේ ද අලුත් ජීවයක් හටගනු ඇත. නැතිනම් වෙනත් සාගර ජීවීන් තමන්ගේ වාසස්ථානය ලෙස නව සාගරය තෝරාගනු ඇත. මේ වෙනස්වීම සියලු ජීවීන්ට බලපාන බව නොරහසකි.