spot_img

දංකොටුව පෝසිලේන් කොටස් හුවමාරුව නිසා කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම බිලියන 05 ඉක්මවයි

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 23,874ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 5,096ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 01ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,491ක්  ලෙසිනි

අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරතුර දී දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් මිලියන 81.4ක් රුපියල් 28.30 බැගින් හුවමාරු වූ අතර එම කෙටස් හුවමාරුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 2,304කි. මෙය දංකොටුව පෝසිලේන් සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක් හුවමාරුවීමක් ලෙස සැළකිය හැක. එම හුවමාරුවත් සමඟ දිනයේ කොටස් වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 05 ඉක්මවීය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • දංකොටුව පෝසිලේන් සමාගම රුපියල් මිලියන 2,309
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 409
  • සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 402

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • දංකොටුව පෝසිලේන් සමාගම කොටස් මිලියන 81
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හේල් සමාගම 33%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • නේෂන්ස් ලංකා සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • දංකොටුව පෝසිලේන් සමාගම කොටස් මිලියන 81.4ක් රුපියල් 28.30 බැගින්
  • හේලීස් සමාගම කොටස් 300,000ක්  රුපියල් 90.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 200,000ක් රුපියල් 164.00 බැගින්
  • ලංකා ඩිස්චරලීස් සමාගම කොටස් මිලියන 1.5ක් රුපියල් 22.50 බැගින්
  • එක්සපෝ ලංකා සමාගම කොටස් 150,000ක් රුපියල් 141.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 145,000ක් රුපියල් 149.00 බැගින්
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් 602,000ක් රුපියල් 50.00 බැගින්
  • බයිරහා ෆාම් සමාගම කොටස් 125,000ක් රුපියල් 170.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 275
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 221
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 303ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 536ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 233ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.    

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 68
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 36
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 14

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 261
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 28
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 19

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles