spot_img
spot_imgspot_img

ජාතික පොසොන් උත්සවයේ මහා බොරුවක් ? සල්ලි හිඟමනේ ගියාට රජය ලක්ෂ 288ක් වියදම් කරලා

පුවත්

විදෙස්

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් දායකත්වයක් නොදෙන බවට ප්‍රචාරය කිරීම සාවද්‍ය බවත් ඒ සඳහා රජයේ අමාත්‍යාංශ දෙකකින් සහ දෙපාර්තමේන්තුවකින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් වෙන්කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ 1963 වර්ෂයේ දී ලේක්හවුස් සමාගම විසින් ආගමික සහ සමාජ මෙහෙවර සඳහා මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කළ බවයි. එතැන් සිට වසර 59ක කාලයක් ආලෝක පූූජාවට, සති පිරිතට, පෙරහරට සහ දාගැබ් පින්තාරුකිරීම සඳහා මූල්‍යාධාර අඛණ්ඩව ලබා දී ඇත.

රජය මුදල් ලබා නොදෙන බැවින් මුදල් අවශ්‍ය බව කියමින් මුඳල් සිඟමනේ ගිය (පිඬු සිඟා වැඩීම යනු ආහාර ඉල්ලා සිඟමනේ යාමයි) මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙතින් මිහින්තලා උථ්සවය සඳහා රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා‌ වෙත යොමුකර තිබිණි.

රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් උත්සවයක් සඳහා එක් විහාරස්ථානයකට වෙන්කළ නොහැකි බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ දැනුම්දී  ඇති අතර ඒ සඳහා ප්‍රමාණවත් ගණනය කිරීමකින් පසු ලක්ෂ 31ක මුදලක් වෙන්කර තිබිණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක පවසන්නේ සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවයේ වියදම් දැරීම සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිදහස් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.

ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාව සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාව වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එකඟත්වය පළ කර ඇත. එහිදී පොම්ප සවි කිරීම, දන්සල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල්සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයන් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග පවසයි.

එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳහිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය  ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව පෙනී යන්නේ රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක්  මිහින්තලා පොසොන් වැඩසටහන් වෙනුවෙන් ලබා දී ඇති බවයි.

එවැනි පසුබිමක 2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව තහවුරු වේ.

වළවාහැංගුණුවැවේ ධම්මරතන ඇතුළු පිරිසක් මුදල් නොලැබුණු බවත්, රජයෙන් අනුග්‍රහයක් නොදක්වන බවත් පවසමින් විශාල වශයෙන් මුදල් එකතු කරනු පසුගිය සති කිහිපයේ වාර්තා විය.

මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ රුපියල් ලක්ෂ 288ක මුදල් රජය ලබාදුන් බව සඳහන් කළ ද එය සම්පූර්ණ අසත්‍ය කතාවක් බවයි.

එම මුදල් ලබා දී ඇත්නම් ඒවා ලබා දී ඇත්තේ පොසොන් උත්සවයේ වියදම්වලට බව කියමින් ජල සම්පාදන මණ්ඩලයට හෝ ආරක්ෂක අංශවලට බවත් ඒවා මිහින්තලය රජමහා විහාරයට ලැබී නැති බවත් එහි දී ප්‍රකාශ කෙරිණි.

“ එවැනි මුදල් ලැබීමක් ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. මේක බොරුවක්. රටේ ජනතාවට බොරු තොරතුරු දෙන එක නවත්වන්න කියා මම ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලා සිටිනවා. අනුරාධපුර දිසාපතිවරයාට ලබාදුන් රුපියල් ලක්ෂ තිස් එකක මුදලත් නැවත ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වනවිටත් ගාල්ල, මාතර, හම්බන්තොට වැනි ප්‍රදේශවල පවා රථ පෙළපාලිවලින් මිහින්තලේ පොසොන් උත්සවය සාර්ථක කරගැනීමට දානපතියන්ගෙන් මුදල් එකතු කරමින් ඒවා ලබාදෙනවා. මිහින්තලේ පුදබිමට අක්කර 100 ආසන්න භූමියක් තියෙනවා. ඒ බිම විදුලියෙන් ආලෝකවත් කරන්න ඕනෑ. මේ සඳහා රට පුරාම අතිවිශාල ජනතාවක් ආධාර උපකාර කරලා තියෙනවා. වන්නිල ඇත්තන් පවා වැදි ජනතාවට එක් දවසක ආහාරය සඳහා යන වියදම පවා පූජා කළා. මේ පොසොන් උත්සවය අවශ්‍ය වෙන්නේ. සිංහල දෙමළ හින්දු කියන සියලුම ජාතීන්ටයි. හැබැයි මේකේ ජනාධිපති කාර්ය සාධක ඉන්න ඇතැම් අම්බැට්ටන්යට හෝ කේවටිටයන්ට මේක සුළු දෙයක්. මම කියනවා  ආයුබෝවන්ට ඔබලා මෙි රටේ මිනිස්සු රවට්ටන්න එපා. රටේ මිනිස්සු සැබෑ තත්වය දන්නවා. මම පුළුවන්නං අභියෝග කරනවා මේ දාල තියන සියලුම විදුලි බුබුළු මම ගලවන්නම්. පුළුවන් නම් රජයේ මුදලින් මෙහි විදුලි බුබුළු නැවත එල්ලන්න .විදුලි ජනක යන්ත්‍රයක් ද රැගෙන එන්න කියලා.” යනුවෙන් ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණි.

බුදුන් වදාළ ධර්මයට අනුව යම් භික්ෂුවක් මුදල් පරිහරණය කරන්නේ නම්, මුදල් රැස්කරන්නේ නම් හෝ ගනුදෙනු කරන්නේ නම් එවැනි තැනැත්තකුගේ භික්ෂු බාවය අහිමිවෙයි. ඔවුන්ට භික්ෂුවක ලෙස සැළකිය යුතු නැත.

ඡායාරූපය – ලංකාදීප වෙබ් අඩවියෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!