spot_img
spot_imgspot_img

අවසන් පන්දු දෙකේ දී චෙන්නායි කණ්ඩායම පස්වැනි වරටත් ශූරතාව දිනාගනී

පුවත්

විදෙස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුළු 05කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කීවේ 05 වැනි වතාවටය.

අවසන් පන්දු දෙකේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 10 හයේ පහරකින් සහ 04 පහරකින් සම්පූර්ණ කළ රවීන්ද්‍ර ජදේජා ජය තහවුරු කරගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 214ක් ලබාගත්තේ ය. සායි සුදර්ශන් පන්දු 47කින් ලකුණු 96ක් රැස්කරමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහු හයේ පහර 06ක් සහ හතරේ පහර 08ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණි.

රිධිමන් සාහා පන්දු 39ක දී ලකුණු 54ක් ද, ශුබ්මන් ගිල් පන්දු 20ක දී ලකුණු ලකුණු 39ක් ද රැස් කරමින් ගුජරාට් කණ්ඩායමට සවිමත්  ආරම්භයක් ලබාදුන්හ. පළමු කඩුල්ල ලකුණු 67 දී බිඳවැටීමෙන් පසු සායි සුදර්ශන් රිධිමන් සාහා සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් පැවැත්වූ අතර තුන්වැනි කඩුල්ල සඳහා නායක හර්දීක් පාණ්ඩ්‍යා (21) සමඟ එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 81ක් ද රැස් කළේ මුළු ලකුණු සංඛ්‍යාව පහසුවෙන් ම 200 සීමාව ඉක්මවා ගෙන යමිනි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ දැවීගිය කඩුලු 04න් දෙකක්ම මතීෂ් පතිරණ විසින් දවාගත් අතර ප්‍රතිවාදීන් ඔහුගෙන් ලකුණු 44ක් ලබාගෙන තිබිණි.

චෙන්නායි ඉනිම ආරම්භයත් සමඟ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කෙ‍රුණු අතර යළි තරඟය ආරම්භ කළේ චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15ක දී ලකුණු 171ක ඉලක්කයක් ලැබිණි.

රුකුරාජ් ගයික්වාද් (26) සහ ඩෙවෝන් කොන්වේ (47) දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 74ක් රැස්කළහ. අජින්ක්‍යා රහනේ ලකුණු 27කට දැවී ගිය අතර අම්බට් රයිඩු ලකුණු 19ක් ලබාගත්තේය. ශිවම් ඩුබේ නොදැවී ලකුණු 32ක් ලබාගත් අතර පස්‍වැනි කඩුල්ල දැවීයාමෙන් පසු පිටියට පිවිසි රවීන්ද්‍ර ජදේජා අවසන් පන්දු දෙකේ දී ලබාගත් ලකුණු 10ක් සමඟින් වේගවත් ලකුණු 15ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී මොහින් ශර්මා 36/3 සහ නූර් අහමඩ් 17/2 වශයෙන් බිඳවැටුණු කඩුළු 05ට හිමිකම් කීහ.

තරඟාවලිය පුරා ලකුණු 890ක් ශතක 03ක් සහ අර්ධ ශතක 04ක් සමඟ රැස්කරමින් මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ගුජරාට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් තරඟාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තේය. තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා සම්මානය හිමිකරගත්තේ තරඟාවලිය පුරා කඩුලු 28ක් දවාගත් ගුජරාට් කණ්ඩායමේ මොහොමඩ් ශාම් ය.

ගුඩරාට් ටයිටන්ස් කණ්ඩායම

පන්දුවාර 20 දී කඩුලු 214/4

සායි සුදර්ශන් 96

රිධිමන් සාහා 54

ශුබ්මන් ගිල් 39

හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 21

මතීෂ පතිරණ 44/2

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම

ඩෙවෝන් කොන්වේ 47

ශිවම් ඩූබේ නොදැවී 32

රුතුරාජ් ගයික්වාද් 26

අජින්ක්‍යා රහනේ 27

අම්බට් රයිඩු 17

රවීන්ද්‍ර ජදේජා නොදැවී 15

මොහිත් ශර්මා 36/3, නූර් අහමඩ් 17/2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!