spot_img
spot_imgspot_img

ශබ්ද විකාශන බලපත්‍ර නැතිව තිස්සමහාරාමයේ සංගීත ප්‍රසංගයක් අවලංගු කරයි

පුවත්

විදෙස්

ශබ්ද විකාශන බලපත්‍ර ලබානොදීම හේතුවෙන් තිස්සමහාරාමය, වීරවිල එන්එල්ඩීබී එළිමහන් පරිශ්‍රයේ දී අද (25) පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය නොපැවැත්වෙන බව එහි සංවිධායකවරු දැනුම් දී ඇත.

ශබ්ද විකාශන යන්ත්‍ර  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවක් සහ ඒ අනුව පොලිස්පතිවරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛ අනුව බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙයි. එහි දී යම් පරිශ්‍රයක ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරවන්නේ නම් ඒ සඳහා නියමිත කොන්දේසි අනුව බලපත්‍රයක් ලබාගත යුතුය.

එසේ බලපත්‍රයක් ලබාගැනීමේ දී ඇති ප්‍රධාන කොන්දේසි අතර ඇත්තේ ශබ්දය අදාල පරිශ්‍රයෙන් පිටතට විකාශය නොවිය යුතු බවයි. එමෙන්ම සියලු ශබ්ද විකාශන උපකරණ පරිශ්‍රය ඇතුළතට හරවා පොළොවට අංශක 45ක ආනතියකින් සවිකර තිබිය යුතු අතර මාර්ගවල ශබ්ද විකාශන යන්ත්‍ර සවකිරීමට කිසිම ආකාරයක අවසරයක් නැත. මේ බලපත්‍ර කොන්දේසි අනුගමනය නොකරන්නේ නම් එම ශබ්ද විකාශන උපකරණ අත්අඩංගුවට ගෙන ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතුය. එ් අනුව සැකකරුවන් ඉදිරිපත් කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට මිස ඉන් පහළ අධිකරණයකට නොවේ.

ශ්‍රී ලංකාව තුළ දැනට වසරක පමණ කාලයක සිට ගොඩනැගී ක්‍රියාත්ක වෙමින් පවතින ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නම් සංවිධානය මෙම නීති ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට බලපෑම් කර තිබෙන අතර මේ වනවිට එම නීති ක්‍රියාත්මක නොකරන ස්ථාන හඳුනාගනිමින් එම පොලිස් ස්ථානවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කරමින් සිටියි.

එබැවින් පොලිසිය මේ වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීමේ දී දැනට ශ්‍රේෂ්ඨාධිකරණනය විසින් පනවා ඇති නයෝග නිසිආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනී යයි.

මේ අනුව තිස්සමහාරාමයේ පැවැත්වෙන සංගීත සංදර්ශනය සඳහා ශබ්ද විකාශන බලපත්‍ර ලබා දී නොමැති බැවින් එම සංදර්ශනය නවතා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!