6.8 C
New York

කූඨ ලේඛන සාදා පාසලට ළමයි 17ක් අරන්

Published:

කූඨ ලේඛන සකස්කරමින් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි පන්ති සඳහා ළමයින් 17 දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්. යු. ප්‍රේමතිලකගේ ලිපි ශීර්ෂ අත්සන සහ දින මුද්‍රා ව්‍යාජ ලෙස යොදමින් චක්‍රලේඛවලට පටහැනිව එම සිසුවියන් පාසලට ඇතුළත් කරගෙන ඇති බවට අනාවරණය වී ඇත.

විගණන පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ අදාල දෙමාපියන්ගේ ලිපින පවා ව්‍යාජා ලිපින බවයි.

තමන් මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලකට සිසු සිසුවියන් ඇතුළත් කරගන්නා ලෙස සඳහන් කරමින් කිසිම ලේඛනයක් නිකුත් කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දැනුම් දී ඇත.  

Related articles

Recent articles

spot_img