spot_img
spot_imgspot_img

ආදරවන්තයන්ට විසඳුමක් නෑ

පුවත්

විදෙස්

රිච්මන්ට් – මහින්ද “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමපන්දුවාර 73.3 ක දී කඩුලු 08ක් දැවී ලකුණු 316ක් ලබා සිය ඉනිම අත්හිටවූයේය.
රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේදී ලබාගත හැකිවූයේ පන්දුවාර 52.4ක දී සියලු දෙනා දැවී ලකුණු 220කි. දෙවැනිවර පන්දුවට පහරදීමේ අවදානමින් රිච්මන්ඩ් කණ්ඩායම ගැලවීගත් නිසා නැවත මහින්ද කණ්ඩායමට පන්දුවට පහරදීමට සිදුවූ අතර ඔවුන් සිය දෙවැනි ඉනිම ආරම්භයේ සිට ම අනුගමනය කළේ තරඟයට විසඳුමක් ලබාගන්නා ආකාරයේ තරඟ රටාවක් නොවේ. පළමු ඉනිමට මන්දගාමී ලෙස ඉනිම ආරම්භ කළ මහින්ද කණ්ඩායම අනවශ්‍ය තරම් කාලයක් වැය කරමින් කඩුළු ආරක්ෂා කරන බවක් පෙනෙන්නට තිබිණි.
පළමු ඉනිමේ ලැබුණු ලකුණු 96ක වාසියත් සමඟ තියුණු තරඟ අවසානයක් සඳහා රිච්මන්ඩ් කණ්ඩායම නැවත පිටියට කැඳවනු ඇතැයි බොහෝ දෙනකු අපෙක්ෂා කළද මහින්ද දෙවැනි ඉනිම නතර කළේ පන්දුවාර 47.4ක් වැය කරමින් ලකුණු 170ක් ලබා 08 වැනි කඩුල්ල ද දැවී ගියාට පසුවය. ඒ වනවිට ඔවුන් ලකුණු 266ක් ඉදිරියෙන් පසුවිය.
රිච්මන්ඩ් කණ්ඩායමට ලැබුණු අභියෝගය පන්දුවාර 16ක දී ලකුණු 267ක් ලබා ගැනීමකි. එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ‍සිව්වැනිවර පන්දුවට පහරදෙන කණ්ඩායමකට ලබාගත හැකි ඉලක්කයක් නොවන අතර තරඟය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට නොහැකි ඉලක්කක් ද නොවේ.
ඒ අනුව ආදරවන්තයන්ගේ සටන අද ජය පරජයෙන් තොරව අවසන්විය.
මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 73.3ක දී කඩුළු 08ක් දැවී ලකුණ 316
ධනුජ ඉඳුවර 101, දිනුර කළුපහන 75, ප්‍රමේෂ් මධුභාෂණ 38, හිරුණ ගාල්ලගේ 30, චන්දූප ද සිල්වා නොදැවී 20, ශෙහාන් හසරංග 18, රන්මිණ හෙට්ටිආරච්චි 16
පන්දු යැවීම – .තරින්ද නිර්මාල් 78/3, මල්ෂ තරුපති 78/2 ෂැරොන් අභිෂේක් 33/1, යුරි කොත්තිගොඩ 46/1
රිච්මන්ඩ් කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 52.4ක දී සියලු දෙනා දැවී ලකුණු 220
මල්ෂ තරුපති 80, කවිඳු නිර්මාණ 50, චෙහාන් සුබසිංහ 50
පන්දු යැවීම – ශෙහාන් හසරංග 28/3, දිනුර කළුපහන 39/3, කවීන් රුක්ෂාන් 45/2, හිරුණ ගාල්ලගේ 23/1
මහින්ද විද්‍යාලයීය කණ්ඩායම දෙවන ඉනිම පන්දුවාර 47.4ක දී කඩුළු 08ක් දැවී ලකුණ 170
හිරුණ ගාල්ලගේ 35, රන්මිණ හෙට්ටිආරච්චි 26, දිනුර කළුපහන 26, තරුෂ දිල්ශාන් 24, චන්දුප ද සිල්වා 15
පන්දු යැවීම – මල්ෂ තරුපති 70/4, තරිඳු නිර්මාල් 29/3
රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 16ක දී කඩුළු 2ක් දැවී ලකුණු 71
භානුක මනෝහර නොදැවී 43
පන්දු යැවීම – ශෙහාන් හසරංග 18/1
තරඟයේ වීරයා සම්මානය – දිනුර කළුපහන (මහින්ද), දක්ෂතම පිතිකරු – දනුජ ඉඳුවර (මහින්ද), දක්ෂතම පන්දුයවන්නා – මල්ෂ තරුපති (රිච්මන්ඩ්), දක්ෂතම පන්දුරකින්නා – ජනෙත් කෞෂාල් (රිච්මන්ඩ්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!