spot_img
spot_img

“ගුරු මාරු 12,500ක් ක්‍රියාත්මකයි. අත්හිටවූ බවට කෙරෙන ප්‍රචාරය බොරුවක්” – ගුරු සංගම් කියයි

පුවත්

විදෙස්

ගරුමාරු මණ්ඩලය විසුරුවා හැර ඇතැයි සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බවත්, ගුරුමාරුවීම් සැළසුම් කළ පිරිදි ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගුරුවරුන්ගේ ඉල්ලීමක් මත ගුරු මාරු මණ්ඩලය අහෝසිකර මාරුවීම් ද අවලංගු කර ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. ලංකා ගුරු සංගමය පවසන්නේ ජනාධිපතිවරයා එවැනි තීරණ්‍යක් ගෙන නොමැති බවයි. මෙම අසත්‍ය පුවත දේශපාලකයන් කිහිප දෙනෙකුගේ වුවමනාවට සිදුවූවක් බව ද ඔවන් චෝදනා කරයි.

ගුරු මාරු මණ්ඩලය මගින් ගුරු මාරුවීම් 12,500ක් සඳහා නිර්දේශ ලබා දී තිබුණු අතඑ ඒවා ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් කර තිබිණි.

මෙම ගුරුමාරුවීම් ක්‍රියාත්මක කරන ලද්දේ රජය විසින් හඳුන්වාදුන් ගුරු මාරු ප්‍රතිපත්තියට අනුවය. ගුරුවරුන් විසින් ම කරන ලද ඉල්ලීම් ඉතාමත් සියුම් ලෙස සළකා බලා එම තීරණ ගුරුවරුන්ට සහ දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සිදුකර ඇති බවත් ගුරු සංගම් පවසයි.

නමුත්, දේශපාලන බලපෑම් මත අනුයුක්ත ලබාගනිමින් සිටිින සීමිත පිරිසක් සහ ගුරු මාරුවීම් අවලංගු කරමින් හැමදාමත් එකම තැන රැඳී සිටීමට උත්සාහ ගන්නා පිරිසක් මෙවැනි අසත්‍ය ප්‍රචාර පිටුපස සිටින බව ද ගුරු සංගම් චෝදනා තරති.

මෙම ප්‍රචාරය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ලබන සඳුදා (20) අධයාපන අමාත්‍යාංශයේ දී ගුරු මාරු මණ්ඩලය යළි රැස්වී අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද ගුරු සගම් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!