spot_img
spot_imgspot_img

ඡන්දයේ නාම යෝජනා අහෝසි කරයි ? සභිකයන් සංඛ්‍යාව 4700 දක්වා අඩු කර නැවත මැතිවරණය කැඳවයි

පුවත්

විදෙස්

නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයන් සංඛ්‍යාව 4700 දක්වා අඩුකර නැවත නාම යෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ සැළසුමක් ඇති බව වාර්තාවේ.

සීමා නිර්ණය කමිටුවේ නිල කාලය ලබන 28 වැනි දා අවසන්වන අතර, සකසා ඇති අතුරු වාර්තාවක් ලබන 28 වැනි දා අග්‍රාමාත්‍ය සහ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වන දිනේෂ් ගුණවර්ධන වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව. අමාත්‍යවරයා විසින් එය ජනාධිපතිවරයාට ඉදිරිපත්කිරීමෙන් පසු සමාලෝචන කමිටුවක් පත්කරනු ඇත. මෙම සමාලෝචන කමිටුවේ වාර්තාවෙන් පසු එම සීමා නිර්ණයන් ගැසට් කිරීමට නියමිතය.

සම්පූර්ණ වාර්තාව මාර්තු මස 31 වැනි දිනට පෙර භාරදීමට හැකියාව ඇති බව සීමා නර්ණය පිළිබඳ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය.

මාර්තු මස 19 වැනි දා ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් එදින මධ්‍යම රාත්‍රියේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 339 විසුරුවා හැර විශේෂ කොමසාරිස්වරයකු යටතට පත්කෙ‍රෙනු ඇත.

නව සීමා නිර්ණය අනුව දැනට පළාත් පාලන ආයතන සඳහා සිටින සභිකයන් සඛ්‍යාව 8400 සිට 4700 දක්වා අඩුකිරීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස මට්ටමින් තෝරාපත්කර ගනු ලබන සභිකයන් සංඛ්‍යාව 5092 සිට 2800 දක්වා අඩු කිරීමට නියමිතය. ලැයිස්තුවෙන් පත්කර යවනු ලබන සභිකයන් සංඛ්‍යාව 1800ක් දක්වා අඩු කෙරේ.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමෙන්තුවේ අනුමතවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

දැනට පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එය සම්මත වුවහොත් අලුතෙන් නාම යෝජනා කැඳවීම, නව සීමා නිර්ණය අනුව කිරීමට නියමිතය. මැතිිවරණ කොමිෂන් සභාව විසින් ලබන මස 03 වැනි දාට මැතිවරණ දිනය තීරණය කරන අතර එය මාස තුනක් ඉක්මවන දිනයක පැවැත්වීමට තීරණය කර තිබුණහොත් රජයේ සේවයේ නිරත අපේක්ෂකයන්ට තමන් තරඟ කරන කොට්ඨාසයෙන් පිටත වෙනත් කොට්ඨාසයක රජයේ සේවයේ නිරතවීමට සිදුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!