3.7 C
New York

මැතිවරණ කාර්යාල වැඩ නවත්වයි

Published:

සියලු ම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට හෙට (20) සිට සාමාන්‍ය කාර්යාල වේලාවන්හි රාජකාරී කරන ලෙසත් මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල සේවා අත්හිටුවන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබේ.

තැපැල් ඡන්ද පත්‍රිකා ලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ප්‍රධාන කාර්යාලය ඇතුළු  සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සති අනත් සහ රජයේ නිවාඩු දිනවල වසා දැමීමට කටයුතු කරන්න යැයි ද එම ලිපියේ දැක්වේ. කිසියම් විශේෂ කාර්යයක් සඳහා එවැනි දිනවල කාර්යාල විවෘතකිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු යැයි ද නිකුත්කර ඇති උපදෙස්වල දැක්වේ.

මැතිවරණ කටයුතු සඳහා අමතරව සේවයට යොදාගත් සහායකයන් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ද ඊයේ (18) දින කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කර ඇත. කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගත් සියලු වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත එම ආයතන වෙත මුදාහැරිය යුතු බව ද දැනුම් දී තිබේ.

මැතිවරණ කාර්යාලය සඳහා යොදාගත් පොලිස් ආරක්ෂාව තවදුරටත් ලබාගැනීමට කටයුතු කරන්න යැයි ද ඉදිරියේ දී ඒ සම්බන්ධ උපදෙස් ලබාදෙන බව ද මෙම ලිපිය මගින් දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img