14.7 C
New York

කොරියානු ප්‍රවීණතා විභාගයට ප්‍රවේශපත්‍ර නිකුත් කරයි

Published:

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ මස 13 වැනි දා සිට 22 වැනි දා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දකරුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා ඉලක්ක කරගනිමින් 2023 වර්ෂයේ දී මේ විභාගය පැවැත්වෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන http://www.slbfe.lk මේ සඳහා ලියාපදිංචි වීමේ  හැකියාව පවතී.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, කොඳු ඇට පෙලේ ආබාධ නොමැති, ඇගිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති වසර 5 ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.  

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය ලබන සැප්තැම්බර් 01 වැනි සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

Related articles

Recent articles

spot_img