spot_img
spot_img

මානව හිමිකම් කොමිසම උසස් පෙළ දරුවන්ගේ පිහිටට එයි

පුවත්

විදෙස්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමඟ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ එකඟතාවකට එළැඹ තිබේ.

ඒ අනුව ජනවාරි 23 වැනි දින සිට පෙබරවාරි 17 වැනි දින දක්වා විදුලි කැපීමක් සිදුවන්නේ නැත.

මෙම කාලයේ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍යවන ඉන්ධන ලබා දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කර තිබිණි. ඒ සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ දී සිදුකිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේ දී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුළත ගෙවීමට සියලු ම පාර්ශවයන් එකඟතාව පළකරයි.

මානව හිමිකම් කොමිසම පවසන්නේ විිදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය විසින් මෙම සමථය ක්‍රියාත්මක කිරීමට සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් විය යුතු බවයි. ඒ අනුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අද දින සිට විදුලිය විසන්ධි කිරීමට එකඟ නොවන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!