spot_img
spot_imgspot_img

යුද්ධය අවසන් වුව ද, වසර 27ක් තනිව සටන් කළ ජපන් සොල්දාදුවා – අද වැනි දවසක් (ජනවාරි 24)

පුවත්

විදෙස්

දෙවැනි ලෝක යුද්ධය අවසන් වුව ද යටත්වීම ප්‍රතික්ෂේප කරමින් සැඟවී සිටි ජපන් හමුදා සැරයන් වරයකු වූ ෂෝයිචි යෝකෝයි සොයාගන්නා ලද්දේ 1972 ජනවාරි 24 වැනි දා ය.

ලෝක යුද්ධය අවසන් වී ඒ වනවිට ගත වී තිබූ වසර 27 පුරාම ඔහු ගුවාම් වනාන්තරවල ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජීවිතය පවත්වාගෙන ගොස් තිබිණි. 1944 අගෝස්තු මාසයේ දී ඇමෙරිකානු හමුදා විසින් ගුවාම් දූපත අල්ලාගැනීමෙන් පසු ඔහු වනාන්තරයට පලාගියේය.

මිත්‍ර හමුදා විසින් ගුවාම්වල සිටි ජපන් හමුදා භටයන් 5,000කට වැඩි පිරිසක් අල්ලා පිටුවහල් කිරිම හෝ මරා දැමීම කර තිබිණි. ලෝක යුද්ධය අවසන් වනවිට 130 දෙනකු පමණ සැඟවී සිට ඇත. .

1915 වර්ෂයේ දී ජපානයේ අයිචි ප්‍රාන්තයේ උපත ලද යෝකෝයි 1941 දී ජපන් හමුදාවට බඳවාගැනීමට පෙර ඇඳුම් මසන්නකු ලෙස සේවය කළේය. ජපන් හමුදා ලේඛනවල දැක්වෙන්නේ 1943 පෙබරවාරි දක්වා චීනයේ ස්ථානගත වී සිටි ඔහු ගුවාම් වෙත මාරු කළ බවයි. ගුවාම්හි සිටිය දී 1944 දී ඇමෙරිකා හමුදා ගුවාම් අල්ලාගන්නා විට යෝකෝයි වනාන්තරයට පැන ගියහ.

තම කණ්ඩායම හසුවීම වළක්වා ගැනීමට ඔවුහු දැඩි සැළකිල්ලක් දැක්වූහ. ගමන් කරන අවස්ථාවල දී පා සළකුණු පවා මකා දැමීමට උනන්දුවක් දක්වා ඇත.

ප්‍රදේශාවාසීන් විසින් ඇතිකරන ගවයන් පැහරගෙන ගොස් මස් අනුභව කිරීමෙන් ඔවුන් ජීවත් වී ඇත. නමුත් ක්‍රමයෙන් ඔවුන් වඩාත් දුෂකර ස්ථානවලට පසු බැස ගිය විට ගුහාවල හෝ තාවකාලික භූගත වාසස්ථානවල ජීවත් වෙමින් පොල්, පැපොල්, මීයන්, ගෙම්බන්ඉබ්බන් වැනි සතුන් මරා ආහාරයට ගත්හ.

හමුදාවට බැඳීමට පෙර දක්ෂ ඇඳුම් මසන්නකු වූ යෝකෝයි ගස් පොතුවලින් ඇඳුම් රෙදි විවීමට කුසලතා වර්ධනය කරගත්හ. ස‍‍ෙඳෙහි අදියර නිරීක්සණය කිරීමෙන් කාලය ගත වීම සළකුණු කර තිබේ.

ඔවුන්ගේ සඟයන් ටිකෙන් ටික අඩුවිය. ඇතැම් දෙනා සතුරු සොල්දාදුවන්ට ගොදුරුවූහ. නැතිනම් ජීවන රටාවේ ඇති දුෂ්කර බව නිසාම ජීවිතයෙන් සමුගත්හ. අවසානයේ දී යෝකෝයි හට තනිවන්නට සිදුව තිබිණි. නමුත් ඔහු යටත් වුණේ නැත.

1972 ජනවාරි 24 වැනි දා ධීවරයන් වන ජේසුස් එම්. ඩූනාස් සහ මැනුවෙල් ඩී.ගාර්ෂියා නමැති ධීවරයන් දෙදෙනකු විසින් ඔහු දැක තිබිණි. යෝකෝයි ගම්මානයේ සිට සැතපුම් 04ක් පමණ දුරින් පිහිටි තලෝෆෝෆෝ ගඟේ උණ මාළු උගුලක් පරීක්ෂා කරමින් සිටිනු දැ තිබිණි. ඉතා දුර්වල සෞඛ්‍ය තත්වයකින් සිටි යෝකෝව් හට ඔවුන් දෙදෙනා සමඟ සටන් ‍කර පලායාමට නොහැකිව යටත් වී තිබිණි.

වසර ගණනාවකට පසු මිනිසුන්ට හසු වූ ඔහු සැබැවින් ම භීතියට පත්ව සිටියේය.

යෝකෝයිගේ කතාව ඇසූ ගුවාම්හි නිලධාරීන් ඔහුව ජපානයට ගෙන්වා ගැනීමට කටයුතු කළහ. .

යෝකෝයි 1972 පෙබරවාරි මාසයේදී නැවත නිවසට පැමිණියේ 5,000කට අධික පිරිසක් විසින් වීරයෙකු පිළිගනිමින්. “මම නැවත පැමිණියේ අධිරාජ්‍යයා මට දුන් රයිෆලය සමඟයි” ඔහු ආපසු පැමිණීමෙන් පසු නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසීය. “මගේ තෘප්තියට ඔහුට සේවය කිරීමට නොහැකි වීම ගැන මට කණගාටුයි.”

ඔහු 1972 නොවැම්බරයේදී යෝජිත විවාහයකට ඇතුළත් වූ අතර, මධුසමය ගතිකිරීමට ගුවාම් වෙත ගියහ.

1997 දී වයස අවුරුදු 82 දී හෘදයාබාධයකින් ඔහු මියගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!