spot_img
spot_imgspot_img

ගාල්ල තේරීම් භාර නිලධාරී ප්‍රතික්ෂේප කළ, බද්දේගම නාම යෝජනාවක්, මැතිවරණ කොමිසමෙන් පිළිගනී

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලැයිස්තුව ගාල්ල තේරීම්භාර නිලධාරීවරයා විසින් ප්‍රතික්ෂේප කළ ද එය නැවත පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23) කටයුතු කළේය.

නාම යෝජනා පත්‍රයේ තරඟ කරන පළාත් පාලන ආයතනය සහ පක්ෂය සඳහන් කර නොමැතිවීමේ හේතුවෙන් තේරීම්භාර නිලධාරීවරයා විසින් එම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කර තිබිණි. තරඟ කරන කණ්ඩායම සහ පළාත් පාලන ආයතනය හඳුනාගත නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කළ බව දැනුම් දෙන ලදී.

මෙම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නිදහස් ජනතා පෙරමුණේ බද්දේගම කණ්ඩායම් නායක මාධ්‍යවේදී සමන් සී. ලියනගේ ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කළහ. එහි දී ඔවුන් කියා සිටියේ නාම යෝජානා පත්‍රය සමඟ තම කණ්ඩායම ඊට පෙර ඇප තැන්පත් කළ රිසිට් පත අමුණා තිබූ බව ද එහි තරඟ කරන පක්ෂය සහ පළාත් පාලන ආයතනය පැහැදිලිව සඳහන් කර තිබිය දී මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවත් අභියාචනයේ සඳහන් විය. එමෙන් ම ඔවුන් දැක්වූ තවත් කරුණක් වූයේ නාම යෝජනා ලේඛනයේ දකුණු පස වම් කෙළවරේ පක්ෂ ලේකම්වරයා විසින් තැබූ මුද්‍රාවේ පක්ෂයේ නම ඇති බව ද අභියාචනයේ සඳහන් කර තිබිණි.

එපමණක් නොව තම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරමින් එය විරෝධතාවලට යොමු කර තිබුණේ බද්දේගම ප්‍රාදේශීය සභාව යන ශීර්ෂයේ බවත්, එලෙස යොමු කිරීමෙන් ම තේරීම් භාර නිලධාරීවරයා තම නාම යෝජනා පත්‍ර බද්දේගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දක් බව තේරුම් ගෙන තිබීමෙන් ම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු නිශේධනය වන බව ද අභියාචනයේ සඳහන් කර තිබිණි.

මෙම අභියාචනය සළකා බැලූ මැතිවරණ කොමිෂන් සභාව බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය පිළිගැනීමට ඊයේ (23) තීරණය කළේ ය.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 19 සඳහා අපේක්ෂකයන් 19 දෙනකු ඇතුළුව 34 දෙනෙක් මේ අනුව නිදහස් ජනතා පෙරමුණෙන් තරඟ වදිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!