spot_img
spot_imgspot_img

රාජ්‍ය පාලනයෙන් සමුගෙන, නිවසේ පාලනය අතට ගන්නා නවසීලන්ත අගමැතිනිය

පුවත්

විදෙස්

ජසින්ඩා ආඩර්න්, නවසීලන්ත අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති අතර, ඔක්තෝබර් 14 වැනි දින මැතිවරණයක් ද කැඳවා ඇත.

ආඩර්න් බ්‍රහස්පතින්දා කඳුළු සලමින් කියා සිටියේ නැවත පත්වීමට තමාට ශක්තියක් නොමැති බවයි.

ඇයගේ නිලයේ අවසන් දිනය පෙබරවාරි 7 බව ද ඇය පැවසුවාය.

තම්නට තවදුරටත් ඉදිරියට යාමට ඇගේ පවුලේ අයගේ සහයෝගය ඇති නමුත් ඔවුන් ද ඇගේ තීරණයට එකඟ වූ බව ඇය කීවාය.

අගමැතිනියගේ දියණිය නෙව් ලබන වසරේ පාසල් යෑම ආරම්භ කරන විට දියණිය සමඟ සිටිය යුතු බව අගමැතිනියගේ අදහසයි. ඇය තම සහකරුට මෙසේ කීවාය. “ක්ලාක්, අපි අවසානයේ විවාහ වෙමු.” අගමැතිනිය මවක් වුව ද එකට ජීවත්වන තම සහකරු සමඟ මෙතෙක් විවාහ වී නැත.

ආර්ඩර්න් 2017 වසරේ සිට නවසීලන්තයේ අගමැතිනියයි.

“රට සාමකාමී කාලයකට ගෙන ඒම එක දෙයක්, ඔවුන්ව අර්බුද හරහා ගෙන යාම තවත් දෙයක්. අර්බුදයකදී නවසීලන්තය සමඟ සිටීමට මට වරප්‍රසාදයක් ලැබුණු අතර ඔවුන් මා කෙරෙහි විශ්වාසය තැබුවා” ඇය පැවසුවාය.

“මම කවදාවත් තනියම නායකත්වය දුන්නේ නැහැ,” ආර්ඩර්න් පැවසුවේ, ඇය සැමවිට ම තම කණ්ඩායම මත විශ්වාසය තැබූ බව ප්‍රකාශ කරමිනි.

ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන්, ආර්ඩර්න් කියන්නේ නවසීලන්ත කම්කරු පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි තමා තවමත් විශ්වාස කරන නමුත් නියෝජ්‍ය අගමැති ග්‍රාන්ට් රොබට්සන් පක්ෂ නායකත්වයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් නොවන බවයි.

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පැවසුවේ ආර්ඩර්න් විශිෂ්ට මිතුරියක් බවයි. ඇගේ සංවේදනය සහ තීක්ෂ්ණ බුද්ධිය ප්‍රබල නායකත්ව ගුණාංග පෙන්නුම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

ආර්ඩර්න්ගේ ඉල්ලා අස්වීම පැමිණෙන්නේ ඇයගේ පක්ෂයට ලැබෙන සහයෝගය අඩුවෙමින් පැවතීමත් සමගය, පසුගිය නොවැම්බරයේ පවත්වන ලද ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කළේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 33ක් පමණක් කම්කරු පක්ෂයට සහාය දක්වන බවයි.

ආර්ඩර්න් නවසීලන්තයේ ළමා දරිද්‍රතා අනුපාතය සමඟ කටයුතු කිරීමට සිදු වූ අතර, එය සංසන්දනාත්මක යුරෝපීය රටවල, විශේෂයෙන් තනි මාපිය පවුල්වල අනුපාතවලට වඩා පහත වැටීම වේවගයෙන් සිදුවිය.

රට මුහුණ දී ඇති තවත් ගැටළුවක් වන්නේ වසංගතයේ ව්‍යාප්තිය සමඟ සහ උද්ධමනය ඉහළ යාමයි.

කෙසේ වෙතත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය, වකාරි වයිට් අයිලන්ඩ් ව්‍යසනය සහ වසංගතය හරහා රට මෙහෙයවූ ආර්ඩර්න්ට එරෙහිව යාමට වෙනත් අපේක්ෂකයෙකුට හැකි වේද යන ප්‍රශ්නය ඉතිරිව ඇති බව විචාරකයා් පවසති. 

නවසීලන්තයේ තෙවැනි කාන්තා අගමැතිනිය වන විට ආර්ඩර්න් 37 වන වියේ පසුවෙද්දී අගමැතිධූරයට පත්වූවාය. අතර ඇය නවසීලන්තයේ ලාබාලතම නායිකාව විය.

පක්ෂයේ නායකත්වය ගැනීමට පෙර ඇය නියෝජ්‍ය නායිකාවයි. ඇය 2008 සිට ඕක්ලන්ඩ් ආසනයේ මන්ත්‍රීවරියකි.

ඇය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඇතුළු වූයේ එහි ලාබාලතම සාමාජිකාව ලෙස වයස 28 දී ය.

ආර්ඩර්න් හැදී වැඩුණේ රටේ උතුරු දූපතේ ග්‍රාමීය නගරයක් වන මොරින්ස්විල් හි වන අතර, වරක් රාජ්‍ය සේවයට එක්වමෙින් එක්සත් රාජධානියේ ද වාසය කර තිබේ.

ආර්ඩර්න් ජනප්‍රියත්වයේ ඉහළ මට්ටමක් අත්කර ගත් අතර එය ජසින්ඩාමේනියා ලෙස නම් කරන ලදී. බොහෝ අය ඇය අනුකරණය කරමින් දේශපාලන ටී-ෂර්ට් ඇඳීමට, ටෝට් බෑග් රැගෙන යාම දක්නට ලැබිණි. ඇයගේ ආකර්ශනීය චරිතය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ මීම්ස් නිර්මාණය කිරීමට ද හේතු විය.

2018 දී Ardern සිය පළමු දරුවා වන Neve බිහි කළාය, ඇය පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගෙන් පසු නූතන ඉතිහාසයේ තනතුරේ සිටියදී දරුවකුට උපත ලබාදුන් දෙවැනි ලෝක නායිකාව බවට පත් විය.

https://www.abc.net.au/news/2023-01-19/jacinda-ardern-announces-resignation-as-nz-prime-minister/101871232

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!