3.2 C
New York

පිරිමි දරුවන් දෙදෙනකුට අතවර කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

Published:

පිරිමි ළමුන් දෙදෙනකු අපයෝජනයට ලක්කළා යැයි සැකපිට පොලිස් සැරයන්වරයකු අද (16) අලුයම අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ලේ පදිංචි විවාහක අයෙකි. ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවකට ගොස් සති අන්තයේ නිවසට පැමිණ සිටිය දී  මෙම දරුවන් දෙදෙනාට අතවර කර ඇතැයි පැවසේ.

16 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමුන් දෙදෙනා ඊයේ (15) සවස වලස්මුල්ලේ, ගල්වල නමැති ස්ථානයේ දිය නාමින් සිටිය දී සැරයන්වරයා විසින් මෙම අතවරය සිදුකරන ලද බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img