spot_img
spot_imgspot_img

සිදුරු කාඩ්පත ලෝකයම වෙනස් කළ සොයාගැනීමක් වූ හැටි – අද වැනි දවසක් (ජනවාරි 08)

පුවත්

විදෙස්

වර්තමානයේ දත්ත සැකසීම, ඒවා විශ්ලේෂණය, පටිගත කිරීම සහ ගබඩා කැරගැනීම ඉතාමත් පහසු කාර්යයකි. පරිගණක පද්ධති රැසක් මේ සඳහා සැකසී ඇති අතර ඕනෑම කුඩා දරුවකුට වුව ද පරිගණක මෘධුකාංග ඇසුරෙන් ඕනෑම සංකීර්ණ කාර්යයක් පහසුවෙන් කරගැනීමේ හැකියාව තිබේ.

නමුත්, 19 වැනි සියවසේ අගභාගය වනවිට ද දත්ත සැකසීම යනු ඉතාමත් අපහසු සහ වෙහෙසකර කාර්යයකි. 1889  ජනවාරි 08 (අද වැනි දිනක) ඇමෙරිකා එක්සත් ජනපදය, හර්මන් ‍හොලරිත් වෙත ලබාදුන් පේටන්ට් බලත්‍රයක් අද වර්තමාන ලෝකයේ දත්ත විශ්ලේෂණයට මග පෑදුවේය. එදා පේට්නට් බලපත්‍රය ලබාගත් හර්මන් හොලරිත් අද තරම් සංකීර්ණ සහ සරල තාක්ෂණයක් තම සොයාගැනීම ඔස්සේ ලෝකයට දායාද වනු ඇතැයි කිස‍ිසේත්ම නොසිතන්නට ඇත.

නූතන පරිගණකයේ සැබෑ ආරම්භය එදා ඔහු විසින් පේටන්ට් බලපත්‍රයක් ලබාගත්‍ සොයාගැනීමයි. ඒ නිසාම ජනවාරි 08 වැනි දා ලෝක ඉතිහාසයට අතිශය වැදගත් දිනයකි.

මේ සොයාගැනීම හැඳින්වෙන්නේ සිදුරු කාඩ්පත් කැල්ක්‍යුලේටරය ලෙසිනි. මෙය සැබැවින් ම අර්ධ ස්වයංක්‍රීය දත්ත සැකසුම් ක්‍රියාවලියකි. ඉලෙක්ට්‍රොනික පරිගණක සොයාගැනීමට පෙර නවීන දත්ත සැකසුම් කාර්යය සිදුකිරීමට එය ඉතාමත් පහසුවක් විය.

මෙම දත්ත සැකසීම සිදුකරන ලද්දේ විවිධ ඒකක වාර්තා යන්ත්‍රය හරහා ප්‍රවේශමෙන් යැවීමෙන් සිදුරුකරන ලබන කාඩ්පත් භාවිතයෙනි. විවිධ යන්ත්‍රවල ක්‍රියාකාරකම් සහ ප්‍රමිතිගත සංකේත භාවිතා කරන ලද සවිස්තරාත්මක සටහන් ඒ සඳහා භාවිතා විය. යාන්ත්‍රිකව, විද්‍යුත් හෝ ප්‍රකාශන සංවේදක සමඟ සිදුරු කරන ලද කාඩ්පත් දත්ත විශ්ලේෂණයට යොදා ගැණිනි. මෙම කාඩ්පත් “හොලරිත් කාඩ්පත්” ලෙස ප්‍රකට විය.

මේ නව සොයාගැනීම ලෝක‍ ඉතිහාසයේ දත්ත සැකසුම් කර්මාන්තයේ පදනම විය. 1890 දී ඇමෙරිකාවේ කළ සංගණනයේ දී භාවිතා කළ අතර 1896 දී ඔහු විසින් Tabulating Machine Company (TMC) ආරම්භ කෙරිණි. පසුව තවත් සමාගම් සමඟ ඒකාබද්ධ වූ මෙම සමාගම ලෝකප්‍රකට IBM සමාගම බවට පත්වූයේ එහි මුල් නම වෙනස් කරමිනි.

1950 ගණන්වල දී පරිගණකය සංවර්ධනය වීමෙන් සුව පවා සිදුරු කාඩ්පත් නිර්මාණය කිරීම, වර්ග කිරීම සහ වගුගත කිරීම තුළින් විවිධ පොදු කාර්ය සිදුකරමින් තිබූ බැවින් මේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සහ අළෙවිය සිදුවෙමින් පැවතිනි.

බොහෝ සංවිධාන සහ ආයතන තම අවශ්‍යතා පරිගණකය මගින් සිදුකරගැනීමට පෙළඹෙමින් තිබුණේ IBM සමාගම විසින් ම නිෂ්පාදනය කරන ලද පරිගණක වඩාත් වේගවත්  සහ ලාභදායී විසඳුම් ලබාදීම හේතුවෙනි. නමුත්, 1965 දී IBM 1620 පරිගණකයක පවා සම්මත උපකරණයක් ලෙස මුද්‍රණ යන්ත්‍රයක් නොතිබූ බැවින් සිදුරු කාඩ්පත් ක්‍රමය එතෙක් භාවිතා කිරීමට සිදුවිය. නමුත් IBM 407 ගිණුම්කරණ යන්ත්‍රයක කාඩ්පත් භාවිතය ඉවත දැමීමට මග පාදන ලදී.

නමුත් ඇතැම් ආයතනවල කාලය සටහන් කිරීම සඳහා සිදුරු කාඩ්පත් ක්‍රමය තවමත් භාවිතා වෙයි. අන් සියල්ල පරිගණකයට බාර වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!